Ran Samanalayek Song Lyrics - රන් සමනලයෙක් ගීතයේ පද පෙළ

Ran Samanalayek Song Lyrics - රන් සමනලයෙක් ගීතයේ පද පෙළ
Song Title : Ran Samanalayek (රන් සමනලයෙක්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


රන් සමනලයෙක් ඇයගේ මුහුණේ පැනි බොන්නට ඇවිදින්
කොහොමද සමනලයාට ඉතිං අපි ඇත්ත කියාදෙන්නේ
ඇයගේ ගීයෙන්
මත් වූ කොවුලන්
ඈ ළඟටම ඇවිදින්
කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ

මොණරෙක් නැති වුන සිකිපිල් සොයමින් ඇයගේ වරළ සිඹී
ඒ මොණරා හට තතු පහදන්නේ මොන විදිහට අපී
නා ගස නාදළු නරඹයි ඇයගේ තොල්පෙති වෙතට එබී
අනේ අහිංසක නාගස ඇය හට රැවටී තිබෙන හැටී

විලෙන් පලා ගිය හංස යුවල කෝ විල ඇයගෙන් විමසයි
දෑතින් සිය ළැම මඬල වසාගෙන විලියෙන් ඇය ඇඹරෙයි
කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ මහනෙල ඇගෙන් අසයි
මානෙල් මල් පෙති ගත්තේ නැති බව කියමින් ඈ දිවුරයි

රන් සමනලයෙක් ඇයගේ මුහුණේ පැනි බොන්නට ඇවිදින්
කොහොමද සමනලයාට ඉතිං අපි ඇත්ත කියාදෙන්නේ
ඇයගේ ගීයෙන්
මත් වූ කොවුලන්
ඈ ළඟටම ඇවිදින්
කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Samanalayek Song Lyrics - රන් සමනලයෙක් ගීතයේ පද පෙළ Ran Samanalayek Song Lyrics - රන් සමනලයෙක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 28, 2022 Rating: 5

0 comments:

Post a Comment