Oba Enawada Math Ekka Song Lyrics - ඔබ එනවද මාත් එක්ක ගීතයේ පද පෙළ

Oba Enawada Math Ekka Song Lyrics - ඔබ එනවද මාත් එක්ක ගීතයේ පද පෙළ
Song Title : Oba Enawada Math Ekka (ඔබ එනවද මාත් එක්ක)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


මහ හිමයේ නදී තෙරක
හිම පතනය රැඳුන තැනක
උණුසුම් වූ පොරෝණයක
ගුලි වෙන්නට නිහඬ රැයක
ඔබ එනවද
ඔබ එනවද මාත් එක්ක

දියඹට තරු කැට වැටිච්ච
හැන්දෑවක ඉර ඉදිච්ච
හදාගන්න හිත තැලිච්ච
කියන්න ගී පද නිවිච්ච
ඔබ එනවද
ඔබ එනවද මාත් එක්ක

වන විහඟුන් ගයන වයන
උයනක මල් වලට ඇරුණ
සොඳුරු වචන අමුණ අමුණ
ඇවිදින්නට මුමුණ මුමුණ
ඔබ එනවද
ඔබ එනවද මාත් එක්ක

ඔබ එනවද
ඔබ එනවද මාත් එක්ක //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Enawada Math Ekka Song Lyrics - ඔබ එනවද මාත් එක්ක ගීතයේ පද පෙළ Oba Enawada Math Ekka Song Lyrics - ඔබ එනවද මාත් එක්ක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 28, 2022 Rating: 5

0 comments:

Post a Comment