Rajjuru Bandara Deyiyane Song Lyrics - රජ්ජුරු බණ්ඩාර දෙයියනේ ගීතයේ පද පෙළ

Rajjuru Bandara Deyiyane Song Lyrics - රජ්ජුරු බණ්ඩාර දෙයියනේ ගීතයේ පද පෙළ
Song Title : Rajjuru Bandara Deyiyane (රජ්ජුරු බණ්ඩාර දෙයියනේ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
තරහ අවසර රන් කඳේ
ආල හිතක් ඇදී ඔත්පල වුණ අහිංසකී මං //

රණේ කිරුළ ඉහේ උන් ගව් කුස ඔටුන්න දාගෙන
පයේ නාග සළඹ ලිහිණි හඬින් මන්තර මතුරන //
අපේ පැල වටේට ඇවිදිනවා රෑ මං අහගෙන

රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
තරහ අවසර රන් කඳේ
ආල හිතක් ඇදී ඔත්පල වුණ අහිංසකී මං

ඇල මංකඩ හිස දිය නාන්න මං පේවෙන කොට
රුක් අත්තන ලන්දේ ඉඳගෙන දිවැස් වදාරණ //
ඒ ආල හිතට කැමතියි මං දෙයියෝ අවසර

රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
රජ්ජුරු බණ්ඩාර දෙයියනේ
තරහ අවසර රන් කඳේ
ආල හිතක් ඇදී ඔත්පල වුණ අහිංසකී මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rajjuru Bandara Deyiyane Song Lyrics - රජ්ජුරු බණ්ඩාර දෙයියනේ ගීතයේ පද පෙළ Rajjuru Bandara Deyiyane Song Lyrics - රජ්ජුරු බණ්ඩාර දෙයියනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2022 Rating: 5

0 comments:

Post a Comment