Wahi Alle Sihilalle Song Lyrics - වැහි ඇල්ලේ සිහිලැල්ලේ ගීතයේ පද පෙළ

Wahi Alle Sihilalle Song Lyrics - වැහි ඇල්ලේ සිහිලැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Wahi Alle Sihilalle (වැහි ඇල්ලේ සිහිලැල්ලේ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : චතුර මල්වාන
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


වැහි ඇල්ලේ සිහිලැල්ලේ
වැහි ඇල්ලේ සිහිලැල්ලේ
සුවය නොවේ මට දැනෙන්නෙ
මගෙ ගත සෝදා දිවයන
සැඩ පහරකි තුරුළු වෙන්නෙ

සිලි මල්ලේ ඉටි මල්ලේ
සිලි මල්ලේ ඉටි මල්ලේ
නුඹටයි මම මේ කියන්නෙ
නුඹලා ආ දා ඉඳලයි මගෙ සිසිලස මට නොදෙන්නෙ

මගෙ දරුවොම එකතුවෙලා
නුඹෙ හැඩ වැඩ ලොකු කරලා
කරට උඩින් අත දමලයි නුඹ කැන්දාගෙන ආවේ

නුඹ මගෙ දරුවන් රවටා
උන්ගෙ හිතට තුරුළු වෙලා
මගෙ සිසිලස හොරෙන් අරන් ඈතට පා කර යැව්වේ

වැහි ඇල්ලේ සිහිලැල්ලේ
වැහි ඇල්ලේ සිහිලැල්ලේ
සුවය නොවේ මට දැනෙන්නෙ
මගෙ ගත සෝදා දිවයන
සැඩ පහරකි තුරුළු වෙන්නෙ

සිලි මල්ලේ ඉටි මල්ලේ
සිලි මල්ලේ ඉටි මල්ලේ
නුඹටයි මම මේ කියන්නෙ
නුඹලා ආ දා ඉඳලයි මගෙ සිසිලස මට නොදෙන්නෙ

වහින වැස්ස ගත නොරඳා
මුහුදු ගියා මටත් හොරා
ගලන වතුර මඟ අහුරා නුඹ ලොකු චණ්ඩියෙක් වෙලා

පුතේ දුවේ මේ අහලා
මේ විපතින් අප ගලවා
මගේ සතුට අරන් එන්න කරදහි ඔරුවක නැඟලා

වැහි ඇල්ලේ සිහිලැල්ලේ
වැහි ඇල්ලේ සිහිලැල්ලේ
සුවය නොවේ මට දැනෙන්නෙ
මගෙ ගත සෝදා දිවයන
සැඩ පහරකි තුරුළු වෙන්නෙ

සිලි මල්ලේ ඉටි මල්ලේ
සිලි මල්ලේ ඉටි මල්ලේ
නුඹටයි මම මේ කියන්නෙ
නුඹලා ආ දා ඉඳලයි මගෙ සිසිලස මට නොදෙන්නෙ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wahi Alle Sihilalle Song Lyrics - වැහි ඇල්ලේ සිහිලැල්ලේ ගීතයේ පද පෙළ Wahi Alle Sihilalle Song Lyrics - වැහි ඇල්ලේ සිහිලැල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2022 Rating: 5

0 comments:

Post a Comment