Your Choice Way

Obe Dekopula Wasa Galana Song Lyrics - ඔබේ දෙකොපුල වසා ගලනා ගීතයේ පද පෙළ

Obe Dekopula Wasa Galana Song Lyrics - ඔබේ දෙකොපුල වසා ගලනා ගීතයේ පද පෙළ

Obe Dekopula Wasa Galana Song Lyrics - ඔබේ දෙකොපුල වසා ගලනා ගීතයේ පද පෙළ
Song Title : Obe Dekopula Wasa Galana (ඔබේ දකොපුල වසා ගලනා)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර සහ නිරෝෂා විරාජිනී
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව : ලක්ෂ්මන් විජේසේකර
සංගීතය : සුසිල් අමරසිංහ


ඔබේ දෙකොපුල වසා ගලනා
සීත කඳුළැල් ඔබෙයි සිතුවත්
ඔබත් නොදනී ඒ කඳුළු මාගෙයි

ඔබේ දෙඅදර පුරා නැඟෙනා
සුසුදු හසරැලි ඔබෙයි සිතුවත්
ඔබත් නොදනී ඒ සිනා මාගෙයි

කුණාටුව සේ හමා ආවා ඔබ
අරණ අතු ඉති සිඳ දමා
ඇත්තමයි ඒ රුදුරු කඳුළැල් ඔබෙ තමා

වියෝගය වී වියෝ වූවා ඔබ
දැදුරු පෙම් සිත මට පුදා
ඇත්තමයි ඒ මිලින හසරැලි ඔබෙ තමා

ඔබේ දෙකොපුල වසා ගලනා
සීත කඳුළැල් ඔබෙයි සිතුවත්
ඔබත් නොදනී ඒ කඳුළු මාගෙයි

ඔබේ දෙඅදර පුරා නැඟෙනා
සුසුදු හසරැලි ඔබෙයි සිතුවත්
ඔබත් නොදනී ඒ සිනා මාගෙයි

විලාපය වී ගලා ආවා ඔබ
මටම තෙපලූ පෙම් කතා
ඇත්තමයි ඒ වියරු මිමිණුම් ඔබෙ තමා

මහෝඝය සේ පතා ආවා ඔබ
නිමාවක් නැති සිඳු කියා
ඇත්තමයි ඒ කුරිරු මිරිඟුව ඔබ තමා

ඔබේ දෙකොපුල වසා ගලනා
සීත කඳුළැල් ඔබෙයි සිතුවත්
ඔබත් නොදනී ඒ කඳුළු මාගෙයි

ඔබේ දෙඅදර පුරා නැඟෙනා
සුසුදු හසරැලි ඔබෙයි සිතුවත්
ඔබත් නොදනී ඒ සිනා මාගෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Dekopula Wasa Galana Song Lyrics - ඔබේ දෙකොපුල වසා ගලනා ගීතයේ පද පෙළ Obe Dekopula Wasa Galana Song Lyrics - ඔබේ දෙකොපුල වසා ගලනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, April 06, 2022 Rating: 5

0 comments:

Post a Comment