Konna Nonage Konde Song Lyrics - කොන්ත නෝනගෙ කොණ්ඩේ ගීතයේ පද පෙළ

Konna Nonage Konde Song Lyrics - කොන්ත නෝනගෙ කොණ්ඩේ ගීතයේ පද පෙළ
Song Title : Konna Nonage Konde (කොන්ත නෝනගෙ කොණ්ඩේ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ හැට්ටේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි

තමුන්ගෙ ඇහේ පරාලය නොපෙනෙයි
අනුන්ගෙ ඇස් වල ඇති රොඩ්ඩ හොයනවා

දඹ රත්තරන් වලින් බෙල්ලක් නැති එකීට
දඹ රත්තරන් වලින් බෙල්ලක් නැති එකීට තැල්ල බඳිනවා
තැල්ල බඳිනවා

කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ හැට්ටේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි

රස මසවුළු මුළුතැන් ගෙයි පිසුණත්
අල්ලපු ගෙයි ලුණු පොල් කට්ට ‍බලනවා

ගෙරි මස් බුදින ගමන් ගව සම්පත ගැන බණ
ගව සම්පත ගැන බණ පොතක් ලියනවා
පොතක් ලියනවා

කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ හැට්ටේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි
කොන්ත නෝනගෙ කොණ්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටියටයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Konna Nonage Konde Song Lyrics - කොන්ත නෝනගෙ කොණ්ඩේ ගීතයේ පද පෙළ Konna Nonage Konde Song Lyrics - කොන්ත නෝනගෙ කොණ්ඩේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 21, 2022 Rating: 5

0 comments:

Post a Comment