Hada Wila Kalabana Song Lyrics - හද විල කළඹන ගීතයේ පද පෙළ

Hada Wila Kalabana Song Lyrics - හද විල කළඹන ගීතයේ පද පෙළ
Song Title : Hada Wila Kalabana (හද විල කළඹන)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද : ධර්මසිරි ගමගේ
තනුව : විශාරද නන්දා මාලිනී


හද විල කළඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

වරලස අක්‌ බඹරුන් රැඳි රේඛා
දෙනෙතෙහි නිලිපුල් මල්පෙති රේඛා //
දෙතොලෙහි ආදර හසරැලි රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

හද විල කළඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සද රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
බාල වන්දනී නළලත රේඛා //
ආල නුරාවෙන් බැඳි රන් රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

හද විල කළඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සද රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

දෑල ළැමැද රන් ගෝමර රේඛා
ඈතදි පෙන්වන කෝමල රේඛා //
මෑතදි බැලුවිට ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

හද විල කළඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සද රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Wila Kalabana Song Lyrics - හද විල කළඹන ගීතයේ පද පෙළ Hada Wila Kalabana Song Lyrics - හද විල කළඹන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2022 Rating: 5

0 comments:

Post a Comment