Dura Aatha Anantheka Song Lyrics - දුර ඈත අනන්තෙක ගීතයේ පද පෙළ

Dura Aatha Anantheka Song Lyrics - දුර ඈත අනන්තෙක ගීතයේ පද පෙළ
Song Title : Dura Aatha Anantheka (දුර ඈත අනන්තෙක)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : කසුන් කල්හාර
පද රචනය : චරිත දිසානායක


දුර ඈත අනන්තෙක කඳුළු නිශාවක
ආල වඩන පිනිසර අතරින්
පිබිදුණු සඳ මල අද කොහේදෝ

පිනි කැට ඉහිරුණු සීතල සුළඟට
පෙති ගිලිහිණිදෝ වරා මලේ
උඩු හුළඟේ ගියාදෝ ඒ පෙති හින්දදෝ
නගෝ තලේ සඳ සැඟව ගියේ

දුර ඈත අනන්තෙක කඳුළු නිශාවක
ආල වඩන පිනිසර අතරින්
පිබිදුණු සඳ මල අද කොහේදෝ

ඉකි බිඳ හැඬුවට ඇහැල පිපුණු මල
නැහැ යළි කිසිදින පුදින්නේ
මාල ගිරාවෝ ඉගිල ගියාවේ
මියැදුන සඳ නෑ යළි එන්නේ

දුර ඈත අනන්තෙක කඳුළු නිශාවක
ආල වඩන පිනිසර අතරින්
පිබිදුණු සඳ මල අද කොහේදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dura Aatha Anantheka Song Lyrics - දුර ඈත අනන්තෙක ගීතයේ පද පෙළ Dura Aatha Anantheka Song Lyrics - දුර ඈත අනන්තෙක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2022 Rating: 5

0 comments:

Post a Comment