Pata Dedunu Sedila Song Lyrics - පාට දේදුනු සේදිලා ගීතයේ පද පෙළ

Pata Dedunu Sedila Song Lyrics - පාට දේදුනු සේදිලා ගීතයේ පද පෙළ
Song Title : Pata Dedunu Sedila (පාට දේදුනු සේදිලා)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

ගීය ඇතුළත් වූ ඇල්බම
සුනිල් එදිරිසිංහයන්ගේ පළමු EP තැටියෙන් 1977 දී දොරට වැඩියා. 1981 "චන්ද්‍ර මඬල" සින්ග්ලංකා කැසට් පටයටත් 1999 දී නිකුත්වූ සින්ග්ලංකා "නව රිද්ම ගී සොළොස" කැසට් පටය හා සංගත තැටියටත්  2001 දී නිකුත්වූ "නෑසෙන ගී රස 2" කැසට් පටය හා සංගත තැටියටත් ඇතුළත් වුණා.


පාට දේදුනු සේදිලා
ඈත කඳු යායේ
සීත ‍රෑ සඳ පීදිලා
නීල තරු යායේ
නීල තරු යායේ

ඈ ලවන් තෙරේ
සෝ ගී සුසුම් නැඟේ
මීදුම් වලා ලෙසින් පාවී
ඈතින් හැපී බිඳේ

පාට දේදුනු සේදිලා
ඈත කඳු යායේ
සීත ‍රෑ සඳ පීදිලා
නීල තරු යායේ
නීල තරු යායේ

මා නුවන් දියේ
පීනා නැගෙන් සඳේ
පායා දුරින් ඇදී ඈ මෙන්
පාවී නොයන් සඳේ

පාට දේදුනු සේදිලා
ඈත කඳු යායේ
සීත ‍රෑ සඳ පීදිලා
නීල තරු යායේ
නීල තරු යායේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pata Dedunu Sedila Song Lyrics - පාට දේදුනු සේදිලා ගීතයේ පද පෙළ Pata Dedunu Sedila Song Lyrics - පාට දේදුනු සේදිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2022 Rating: 5

0 comments:

Post a Comment