Your Choice Way

Me Tharam Suyumali Da Kalu Gal Song Lyrics - මේ තරම් සියුමැලි ද කළු ගල් ගීතයේ පද පෙළ

Me Tharam Suyumali Da Kalu Gal Song Lyrics - මේ තරම් සියුමැලි ද කළු ගල් ගීතයේ පද පෙළ
Song Title : Me Tharam Suyumali Da Kalu Gal (මේ තරම් සියුමැලි ද කළු ගල්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : රජී වසන්ත වෙල්ගම
තනුව හා සංගීතය : දර්ශන රුවන් දිසානායක


මේ තරම් සියුමැලි ද කළු ගල්
සිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා

කලා වැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එළා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩ යයි කියා
තවම තනිකඩ යයි කියා

මේ තරම් සියුමැලි ද කළු ගල්
සිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Tharam Suyumali Da Kalu Gal Song Lyrics - මේ තරම් සියුමැලි ද කළු ගල් ගීතයේ පද පෙළ Me Tharam Suyumali Da Kalu Gal Song Lyrics - මේ තරම් සියුමැලි ද කළු ගල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, March 25, 2022 Rating: 5

0 comments:

Post a Comment