Dalada Hamuduruwane Song Lyrics - දළදා හාමුදුරුවනේ ගීතයේ පද පෙළ

Dalada Hamuduruwane Song Lyrics - දළදා හාමුදුරුවනේ ගීතයේ පද පෙළ
Song Title : Dalada Hamuduruwane (දළදා හාමුදුරුවනේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : සුමුදු වෙත්තසිංහ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ
අළුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ
ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ

පාළු කුඹුරු අස්වද්දන රන් බිජුවට වෙන්ටයි
නිල් පැලපත කිරි වද්දන කිරි ගෙන වැඩ එන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි

දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ
අළුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ
ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ

මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි
ඇල් සුළඟක් වී අවුදින් ගත සිත පුබුදන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි

දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ
අළුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ
ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ

තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ
ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dalada Hamuduruwane Song Lyrics - දළදා හාමුදුරුවනේ ගීතයේ පද පෙළ Dalada Hamuduruwane Song Lyrics - දළදා හාමුදුරුවනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 25, 2022 Rating: 5

0 comments:

Post a Comment