Lassana Thaleta THissema Gassena Song Lyrics - ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන ගීතයේ පද පෙළ

Lassana Thaleta THissema Gassena Song Lyrics - ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන ගීතයේ පද පෙළ
Song Title : Lassana Thaleta THissema Gassena (ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
1969 දී තිරගතවූ "නාරිලතා" චිත්‍රපටියේ ගීතයකි.


ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන
යනවිට ගමන අගේ
ලිස්සන පීල්ලෙ කැරකෙන රෝදේ
දුටුවම පුදුම නැගේ
දුටුවම පුදුම නැගේ

මැණිකෙල බල බල නුවරට යන කල
සුන්දර සිහින මැවේ
තේ වතු පොල්වතු ඈතින් කඳු පෙළ
සැනසිලි සිසිල ගෙනේ
සැනසිලි සිසිල ගෙනේ

ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන
යනවිට ගමන අගේ
ලිස්සන පීල්ලෙ කැරකෙන රෝදේ
දුටුවම පුදුම නැගේ
දුටුවම පුදුම නැගේ

උතුරට දකුණට යන විට හැමවිට
සිරි දෙව් දූ හමුවේ
කෙත් බිම් හමුවන තොරතුරු කියැවෙන
දිවයන තිප්පල වේ
දිවයන තිප්පල වේ

ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන
යනවිට ගමන අගේ
ලිස්සන පීල්ලෙ කැරකෙන රෝදේ
දුටුවම පුදුම නැගේ
දුටුවම පුදුම නැගේ

උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක
අරගෙන ගිය ගමනයි
රජවරු මැතිවරු මංගල නැකතට
කැඳවා ගිය ගමනයි
කැඳවා ගිය ගමනයි

ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන
යනවිට ගමන අගේ
ලිස්සන පීල්ලෙ කැරකෙන රෝදේ
දුටුවම පුදුම නැගේ
දුටුවම පුදුම නැගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lassana Thaleta THissema Gassena Song Lyrics - ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන ගීතයේ පද පෙළ Lassana Thaleta THissema Gassena Song Lyrics - ලස්සණ තාලෙට තිස්සෙම ගැස්සෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 01, 2022 Rating: 5

0 comments:

Post a Comment