Kalana Mithuru Dahamayi Song Lyrics - කළණ මිතුරු දහමයි ගීතයේ පද පෙළ

Kalana Mithuru Dahamayi Song Lyrics - කළණ මිතුරු දහමයි ගීතයේ පද පෙළ
Song Title : Kalana Mithuru Dahamayi (කළණ මිතුරු දහමයි)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : ෂෙල්ටන් ප්‍රේමරත්න
1971 දී තිරගතවූ කළණ මිතුරෝ සිනමා සිත්තමෙනි


කළණ මිතුරු දහමයි
පිරුණු සදාදරයයි
මා හද රන් කුටියේ
දිලෙන පහන් යුවලයි

කෙනෙකු නොමඟ යා නම්
ඔහුට කියාදෙමි මම්
නියම මඟ පහදා
මට ඇති සතුට එයයි

කළණ මිතුරු දහමයි
පිරුණු සදාදරයයි

ආදරය නාඳුනන මිනිසා
ලොවෙහි අසරණ වේ
සියළු කල්හි තැවේ

ආදරය නාඳුනන මිනිසා
ලොවෙහි අසරණ වේ
පරම මිතුදම හැඳින ගන්නා
විඳී අමර සුවේ

කළණ මිතුරු දහමයි
පිරුණු සදාදරයයි
මා හද රන් කුටියේ
දිලෙන පහන් යුවලයි
කළණ මිතුරු දහමයි
පිරුණු සදාදරයයි

නීති රීති කඩුලු බාධා
කම්කටොලු වද වෙයි
චණ්ඩ මාරුත එයි

නීති රීති කඩුලු බාධා
කම්කටොලු වද වෙයි
ආදරය හැම අභිබවාලා
ජීවිතේ ජය දෙයි

කළණ මිතුරු දහමයි
පිරුණු සදාදරයයි
මා හද රන් කුටියේ
දිලෙන පහන් යුවලයි
කළණ මිතුරු දහමයි
පිරුණු සදාදරයයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kalana Mithuru Dahamayi Song Lyrics - කළණ මිතුරු දහමයි ගීතයේ පද පෙළ Kalana Mithuru Dahamayi Song Lyrics - කළණ මිතුරු දහමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 01, 2022 Rating: 5

0 comments:

Post a Comment