Dedaru Laduni Song Lyrics - දෙදරු ලඳුනි ගීතයේ පද පෙළ

Dedaru Laduni Song Lyrics - දෙදරු ලඳුනි ගීතයේ පද පෙළ
Song Title : Dedaru Laduni (දෙදරු ලඳුනි)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : සෝමපාල රත්නායක


දෙදරු ලඳුනි මට නිදි නෑ
තරු පෑයූ ගිනි කතරේ
ඉඳි ගස් සෙවනේ
වැලි හුළඟේ කාසි නොවේ
සිඹින්න බැරි දරු සුවඳයි පාවී එන්නේ //

උපන් බිමට දත නියවා
රන් කාසිය මිට මොළවා
සිත කකියන්නේ
උන්නත් පෙර අප නොකා නොබී
නවසි තැඹිලි ගස් සෙවනයි
දැන් සිහිවෙන්නේ

දෙදරු ලඳුනි මට නිදි නෑ
තරු පෑයූ ගිනි කතරේ
ඉඳි ගස් සෙවනේ
වැලි හුළඟේ කාසි නොවේ
සිඹින්න බැරි දරු සුවඳයි පාවී එන්නේ

සැනසෙන්නට නුඹගේ කියා
කටහඬවත් ඇහෙනවනම්
ඉහ ඉද්දරිනේ
දැක ගන්නටවත් නුඹයි කියා
හීනෙන් වත් පෙනෙනවනම්
ඇහැ පියවෙන්නේ

දෙදරු ලඳුනි මට නිදි නෑ
තරු පෑයූ ගිනි කතරේ
ඉඳි ගස් සෙවනේ
වැලි හුළඟේ කාසි නොවේ
සිඹින්න බැරි දරු සුවඳයි පාවී එන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dedaru Laduni Song Lyrics - දෙදරු ලඳුනි ගීතයේ පද පෙළ Dedaru Laduni Song Lyrics - දෙදරු ලඳුනි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 01, 2022 Rating: 5

0 comments:

Post a Comment