Katharata Kumatada Wasanthayak Song Lyrics - කතරට කුමටද වසන්තයක් ගීතයේ පද පෙළ

Katharata Kumatada Wasanthayak Song Lyrics - කතරට කුමටද වසන්තයක් ගීතයේ පද පෙළ
Song Title : Katharata Kumatada Wasanthayak (කතරට කුමටද වසන්තයක්)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


කතරට කුමටද වසන්තයක්
සයුරට කුමටද අනන්තයක්
ඔබ පිලිබඳ සිත මගෙ තනියට ඇත
මට කුමටද වෙන සිතක් කයක්

දුහුවිලි සුලි සුලි නැගෙයි බි‍ඳෙයි
දිය ඇලි දිය ‍රැලි ඇදෙයි ‍රැ‍ඳෙයි //
මතකය ලුහුබැඳ ඔබ වෙත එන සඳ
ජීවිතයම මගෙ ඔබෙයි ඔබෙයි

කතරට කුමටද වසන්තයක්
සයුරට කුමටද අනන්තයක්
ඔබ පිලිබඳ සිත මගෙ තනියට ඇත
මට කුමටද වෙන සිතක් කයක්

සඳ ‍රැස පිණිදිය ‍රැලෙහි ඔතා
පළඳමි ගෙලවට මලක් ගොතා //
ඔබ නැති මිහිමත මගෙ පණනළ නැත
දෙදෙනෙකු මුත් අප එකයි එකයි

කතරට කුමටද වසන්තයක්
සයුරට කුමටද අනන්තයක්
ඔබ පිලිබඳ සිත මගෙ තනියට ඇත
මට කුමටද වෙන සිතක් කයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Katharata Kumatada Wasanthayak Song Lyrics - කතරට කුමටද වසන්තයක් ගීතයේ පද පෙළ Katharata Kumatada Wasanthayak Song Lyrics - කතරට කුමටද වසන්තයක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 01, 2022 Rating: 5

0 comments:

Post a Comment