Kale Pan Atha Song Lyrics - කළේ පැන් ඇත ගීතයේ පද පෙළ

Kale Pan Atha Song Lyrics - කළේ පැන් ඇත ගීතයේ පද පෙළ
Song Title : Kale Pan Atha (කළේ පැන් ඇත)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩි ගීයකි. 1984 දී එය "පිනිබර යාමේ" කැසට් පටයටත්, 2001 වසරේදී "The best of Sunil 1" සංගත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


කළේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කර වී
මොකද මන්දා ලිපට වූයේ
හදා ගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ

සැලේ ගහ කොළ සුළඟ ඇත එද
සිහිල කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඬ නැත
සවන් බිහිරිව ගියාදෝ

කළේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කර වී
මොකද මන්දා ලිපට වූයේ

පුරුදු නිවහන නුහුරු වී නම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින් ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kale Pan Atha Song Lyrics - කළේ පැන් ඇත ගීතයේ පද පෙළ Kale Pan Atha Song Lyrics - කළේ පැන් ඇත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2022 Rating: 5

0 comments:

Post a Comment