Duwe Nuba Mage Pranayayi Song Lyrics - දුවේ නුඹ මගෙ ප්‍රාණයයි ගීතයේ පද පෙළ

Duwe Nuba Mage Pranayayi Song Lyrics - දුවේ නුඹ මගෙ ප්‍රාණයයි ගීතයේ පද පෙළ
Song Title : Duwe Nuba Mage Pranayayi (දුවේ නුඹ මගෙ ප්‍රාණයයි)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : බණ්ඩාර ඇහිළියගොඩ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි //

මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි //
කළ හොඳම විතරක් ඉතිරිවෙයි //

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි

අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ //
ගෙනියන්නෙ ඒ අභිමානයයි //

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Duwe Nuba Mage Pranayayi Song Lyrics - දුවේ නුඹ මගෙ ප්‍රාණයයි ගීතයේ පද පෙළ Duwe Nuba Mage Pranayayi Song Lyrics - දුවේ නුඹ මගෙ ප්‍රාණයයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2022 Rating: 5

0 comments:

Post a Comment