Issara Man Giya Song Lyrics - ඉස්සර මං ගිය ගීතයේ පද පෙළ

Issara Man Giya Song Lyrics - ඉස්සර මං ගිය ගීතයේ පද පෙළ
Song Title : Issara Man Giya (ඉස්සර මං ගිය)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : එච්.එම්. ජයවර්ධන
මෙය 1986 දී “මගේ සෙනෙහස” කැසට් පටය තුළින් දොරට වැඩි ගීයක්.


ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා

ගහ කොළ සෙලවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒදඞු මංකඩ තිත්ත පැටව් රැල
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එකතැන රැඳුණා

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිඳ
මුතු ඇහිඳියි මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ

පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුළක් නැඟුවා
ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට හිතුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Issara Man Giya Song Lyrics - ඉස්සර මං ගිය ගීතයේ පද පෙළ Issara Man Giya Song Lyrics - ඉස්සර මං ගිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2022 Rating: 5

0 comments:

Post a Comment