Ath Rajuni Oba Enna Song Lyrics - ඇත් රජුනි ඔබ එන්න ගීතයේ පද පෙළ

Ath Rajuni Oba Enna Song Lyrics - ඇත් රජුනි ඔබ එන්න ගීතයේ පද පෙළ

Ath Rajuni Oba Enna Song Lyrics - ඇත් රජුනි ඔබ එන්න ගීතයේ පද පෙළ
Song Title : Ath Rajuni Oba Enna (ඇත් රජුනි ඔබ එන්න)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සමග උරේෂා රවිහාරි
පද රචනය : සුජීව ප්‍රසන්නආරච්චි
තනුව : ජයන්ත රත්නායක


ඇත් රජුනි ඔබ එන්න
සද්දන්ත පෙම රැගෙන
අනුරාගයට ප්‍රථම
ඔබ දෙපා නමදින්න
අනේ මට ඉඩ දෙන්න

සඳ රැජිණ ඔබ ඉන්න
මල් විලෙක පියා නෙත
ස්වයංවරයට ප්‍රථම
මගේ සඳ දැක ගන්න
ප්‍රියේ මට ඉඩ දෙන්න

අකලංක මලින් පිරි
සඳ යහන මත වැතිර
නිරිඳුනේ මම ඉඳිමි
ඔබ නෙතින් ඉඳුල් වෙමි
මම ඔබේ රැජින වෙමි

පුර පසින් සඳ නැගී
අවපසින් බසින තුරු
රැජිණියේ මම ඉඳිමි
ඔබ දෙසම බලා ඉමි
මම ඔබේ රජුන් වෙමි

සියපතක් ලෙස සිතා
ඔබ දෙපා සිප ගනිමි
මගේ දෙවිඳුන් ඔබයි
දේව දාසියක් වෙමි
ප්‍රේමයේ වන්දනා

රන් රුවන් කරඬුවක්
ලෙසින් ඔබ රැක ගනිමි
හදේ ලේ බිඳු රැගෙන
ලයේ පෙම් කව ලියමි
පාද පරිචාරිකා

ඇත් රජුනි ඔබ එන්න
සද්දන්ත පෙම රැගෙන
අනුරාගයට ප්‍රථම
ඔබ දෙපා නමදින්න
අනේ මට ඉඩ දෙන්න

සඳ රැජිණ ඔබ ඉන්න
මල් විලෙක පියා නෙත
ස්වයංවරයට ප්‍රථම
මගේ සඳ දැක ගන්න
ප්‍රියේ මට ඉඩ දෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ath Rajuni Oba Enna Song Lyrics - ඇත් රජුනි ඔබ එන්න ගීතයේ පද පෙළ Ath Rajuni Oba Enna Song Lyrics - ඇත් රජුනි ඔබ එන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2022 Rating: 5

0 comments:

Post a Comment