Gigiri Geetha Rawe Song Lyrics - ගිගිරි ගීත රාවේ ගීතයේ පද පෙළ

Gigiri Geetha Rawe Song Lyrics - ගිගිරි ගීත රාවේ ගීතයේ පද පෙළ
Song Title : Gigiri Geetha Rawe (ගිගිරි ගීත රාවේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ඩී.ආර්. පීරිස්
දියමන්ති චිත්‍රපටයෙන්


ගිගිරි ගීත රාවේ
මලවී හී සරේ //
සබඳ අද කිමදෝ 
බමන ලෝකෙට කෑ ගසා කීවේ
ගිගිරි ගීත රාවේ
මලවී හී සරේ

ආහා හාහා ආහා ආහා ආහා ආහා
හ්ම්ම් ම්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්ම් //

උමතු දෑස රෑ තුන් යාමේ
ලගින මේ නුරා අම්බලමේ //
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ

ගිගිරි ගීත රාවේ
මලවී හී සරේ //

ආහා හාහා ආහා ආහා ආහා ආහා
හ්ම්ම් ම්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්ම් //

තරිඳු තාම නාඹර වයසේ
රඟනු රංඟ රන් රඟ මඬලේ //
කුමුදු යාය මල් බර මොහොතේ
රොන්ගන්න පෙම් මල් වනපෙතේ

ගිගිරි ගීත රාවේ
මලවී හී සරේ //
සබඳ අද කිමදෝ 
බමන ලෝකෙට කෑ ගසා කීවේ
ගිගිරි ගීත රාවේ
මලවී හී සරේ

ආහා හාහා ආහා ආහා ආහා ආහා
හ්ම්ම් ම්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්ම් ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gigiri Geetha Rawe Song Lyrics - ගිගිරි ගීත රාවේ ගීතයේ පද පෙළ Gigiri Geetha Rawe Song Lyrics - ගිගිරි ගීත රාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2022 Rating: 5

0 comments:

Post a Comment