Uda Maluwata Mal Thiyanna Song Lyrics - උඩ මළුවට මල් තියන්න ගීතයේ පද පෙළ

Uda Maluwata Mal Thiyanna Song Lyrics - උඩ මළුවට මල් තියන්න ගීතයේ පද පෙළ

Uda Maluwata Mal Thiyanna Song Lyrics - උඩ මළුවට මල් තියන්න ගීතයේ පද පෙළ
Song Title : Uda Maluwata Mal Thiyanna (උඩ මළුවට මල් තියන්න)
ගායනය : නිරංජලා සරෝජිනී සහ ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


උඩ මළුවට මල් තියන්න පියගැට පෙළ නඟින වෙලේ
යටි මළුවට මං ආවා
නොදුටුවාද නඟේ
උඩ මළුවට මල් තියලා පියගැට පෙළ බසින වෙලේ
යටි මළුවේ අයියණ්ඩී
නෙත ගැටුණේ නැතේ

වලා බැම්ම උඩට වෙලා
වැව් ඉවුරේ කල් බැලුවා
හුළඟ දිගේ වත් එන්නට නොසිතුනාද මන්දා
පෙරහැර එන වීදි දිගේ මුළු නුවරම පොකුරු ගැසී
අයියණ්ඩිගෙ හුළඟක්වත් නොවැටුණි ඒ හන්දා

උඩ මළුවට මල් තියන්න පියගැට පෙළ නඟින වෙලේ
යටි මළුවට මං ආවා
නොදුටුවාද නඟේ
උඩ මළුවට මල් තියලා පියගැට පෙළ බසින වෙලේ
යටි මළුවේ අයියණ්ඩී
නෙත ගැටුණේ නැතේ

මහමළුවෙන් පිටත්වෙලා
පෙරහැර බෙර හඬ තැලුවා
හිත සැලුනා රන් දෝලියෙ නුඹ සිහිවුණ හන්දා
අප දෙන්නා දෙපොළෙ තියා මේ පෙරහැර මැකී ගියා
එන ඇහැළට එකට බලමු එක්තැන්වී දෙන්නා
අප දෙන්නා දෙපොළෙ තියා මේ පෙරහැර මැකී ගියා
එන ඇහැළට එකට බලමු එක්තැන්වී දෙන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Uda Maluwata Mal Thiyanna Song Lyrics - උඩ මළුවට මල් තියන්න ගීතයේ පද පෙළ Uda Maluwata Mal Thiyanna Song Lyrics - උඩ මළුවට මල් තියන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2022 Rating: 5

0 comments:

Post a Comment