Seepada Rawe Song Lyrics - සීපද රාවේ ගීතයේ පද පෙළ

Seepada Rawe Song Lyrics - සීපද රාවේ ගීතයේ පද පෙළ

Seepada Rawe Song Lyrics - සීපද රාවේ ගීතයේ පද පෙළ
Song Title : Seepada Rawe (සීපද රාවේ)
ගායනය : පණඩිත් ඩබ්.ඩී. අමරදේව සහ නිරංජලා සරෝජිනී
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


රෑ ....
රෑ හඳේ හේනකින් සීපද ඇහුනයි
සීපද ඇහුනයි
හී ....
හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි
මගෙ හිත බැඳුනයි

රෑණ බඹරු වටකර ගත් වැටකේ මල වැන්නේ
නුඹෙ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ

මී ....
මීරකින් කීවොතින් ගී කවි සින්දු
ගී කවි සින්දු
ආ ....
ආදරෙයි කෝළ පෙම් රූබර ලන්දු
රූබර ලන්දු

හවුහරණෙට පැල ඉණි වැට විතරයි කලඑළියේ
මා කාන්සියේ රෑ වරුවම හිරිමල් හුරතලියේ

පා ....
පාළුවේ රෑ දවල් කිමද තැවෙන්නේ
කිමද තැවෙන්නේ
ගං ....
ගංගොඩින් කවුරු හෝ කැන්දන් එන්නේ
කැන්දන් එන්නේ

නපුරු බහට සුබා රුසිරු අඩුවක් නොම වන්නා
රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා

රෑ ....
රෑ හඳේ හේනකින් සීපද ඇහුනයි
සීපද ඇහුනයි
හී
හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි
මගෙ හිත බැඳුනයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seepada Rawe Song Lyrics - සීපද රාවේ ගීතයේ පද පෙළ Seepada Rawe Song Lyrics - සීපද රාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2022 Rating: 5

0 comments:

Post a Comment