Sathara Waram Dewi Maharaja Song Lyrics - සතර වරම් දෙව් මහරජ ගීතයේ පද පෙළ

Sathara Waram Dewi Maharaja Song Lyrics - සතර වරම් දෙව් මහරජ ගීතයේ පද පෙළ
Song Title : Sathara Waram Dewi Maharaja (සතර වරම් දෙව් මහරජ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


සතර වරම් දෙව් මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන් //

පළා පෙති බැඳන් ගෙල වට හංස පියාපත් සළමින //
නුඹේ පා යටින් සඳකඩ පහණ පායලා
බ්‍රහස්පතී තාරකාව මුදුන් වී සරත් නුබ ගැබ
ස්වර්ණමාලි මහ සෑ අග කොත් පළන්දලා //

සතර වරම් දෙව් මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන් //

කලා වැව් දියේ උත්පල නෙළා ගෙනැ ඇඟිලි පොකුරට //
අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා
වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස
ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා //

සතර වරම් දෙව් මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sathara Waram Dewi Maharaja Song Lyrics - සතර වරම් දෙව් මහරජ ගීතයේ පද පෙළ Sathara Waram Dewi Maharaja Song Lyrics - සතර වරම් දෙව් මහරජ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 07, 2022 Rating: 5

0 comments:

Post a Comment