Thaththa Wunath Song Lyrics - තාත්තා වුනත් ගීතයේ පද පෙළ

Thaththa Wunath Song Lyrics - තාත්තා වුනත් ගීතයේ පද පෙළ
Song Title : Thaththa Wunath (තාත්තා වුනත්)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


තාත්තා වුනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරුදැරියන් රකින //

මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැඟි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්

බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙක් මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැගේ ළඟින් හිඳ මග‍ෙ හිස සිඹින සඳ

තාත්තා වුනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thaththa Wunath Song Lyrics - තාත්තා වුනත් ගීතයේ පද පෙළ Thaththa Wunath Song Lyrics - තාත්තා වුනත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 07, 2022 Rating: 5

0 comments:

Post a Comment