Sath Samuduru Tharanaya Kota Song Lyrics - සත් සමුදුරු තරණය කොට ගීතයේ පද පෙළ

Sath Samuduru Tharanaya Kota Song Lyrics - සත් සමුදුරු තරණය කොට ගීතයේ පද පෙළ
Song Title : Sath Samuduru Tharanaya Kota (සත් සමුදුරු තරණය කොට)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක


සත් සමුදුරු තරණය කොට
දුරු රටකට වඩින්නියේ //
මගේ හිතයි මගේ හදයි
ඔබත් සමඟ රැගෙන යන්න

එරට නුහුරු පරිසරයක
විලාසිනියෙ ඔබ තනිවේ දෝ
එවිට සිතනු මැනවි ලියේ //
ඔබෙ තනියට හිතක් ඇතේ
ඔබෙ තනියට හදක් ඇතේ

සත් සමුදුරු තරණය කොට
දුරු රටකට වඩින්නියේ //
මගේ හිතයි මගේ හදයි
ඔබත් සමඟ රැගෙන යන්න

එරට මහරු විසිතුරු මැද
මෙරට ඔබට අමතක වේ දෝ
එසේ වුවොත් නොපැතු ලෙසේ //
මට ඉන්පසු හිතක් නැතේ
මට ඉන්පසු හදක් නැතේ

සත් සමුදුරු තරණය කොට
දුරු රටකට වඩින්නියේ //
මගේ හිතයි මගේ හදයි
ඔබත් සමඟ රැගෙන යන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sath Samuduru Tharanaya Kota Song Lyrics - සත් සමුදුරු තරණය කොට ගීතයේ පද පෙළ Sath Samuduru Tharanaya Kota Song Lyrics - සත් සමුදුරු තරණය කොට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2022 Rating: 5

0 comments:

Post a Comment