සකුනිගේ කුසට අරක්ගත් අක්කාගේ ආත්මය (Sakuni)

සකුනිගේ කුසට අරක්ගත් අක්කාගේ ආත්මය (Sakuni) - Your Choice Way

"විදූශ මට කවදාවත් බබෙක් හදන්න බැරි වෙවිද"

"නෑ රත්තරං එහෙම වෙන්නෙ නෑ ඔයා බය වෙන්න එපා"

" මට පිස්සු වගේ මම මොනා කරන්නද"

"පරිස්සම් වෙන්න පන ඩොක්ටර් කිව්වනේ ඔයාගෙ ඇගේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා"

"අපි දෙන්නගෙ ප්‍රශ්නෙකුත් නෙමෙයිනම් ඇයි අපිට මෙහෙම වෙන්නෙ"

"හැමදේම හොද විදියට වේවි දුක් වෙන්න එපා මැනික"

"අන්න අම්ම ආවා.."

"අම්මේ .."

"මගේ කෙල්ලට කොහොද දැන් අමාරුවක් නෑ නේද"

"නෑ අම්මේ ඒත් හිතේ අමාරුවනම් ගොඩයි"

"මම දන්නවා දරුවෝ .."

"මෙන්න මම ගමේ ගුරුන්නාන්සේට කියලා නූලක් මතුරගෙන ආවා..මේක බැදගන්න. කෝකටත් ආරක්ශාවයිනේ.

අම්මා ඇගේ හිස අත ගෑවේ තම කුසේදිම දරුවා මිය ගිය දුක ඇයට වූවා මෙන් දුක් වෙමිනි. මේ දෙවනි වතාවය. පෙර අවස්තාවේදිම සකුනිව ඉමහත් වේදනාවට පත් කරමින් කුසේ දරුවා මිය ගියා මෙන්ම මේ පාරත් වූයේ එයම ය. කෙතරම් සල්ලි තිබුනද සකුනිට මේ වන දෙය වලක්වන්නට හැකියාවක් නොවීය. වෛද්‍යවරු කිහිප දෙනෙක්ටම යොමු කලද හේතුව සොයා ගත නොහැකි විය.

" අම්මේ"

"ඔව් පුතේ . කියන්න විදූශ.."

"මට මොනවත් හංගනවද අම්මේ"

" මොනව හංගනවද පුතේ ගෙදර ඉන්න කාලෙවත් කෙල්ලට මුකුත් ලෙඩක් තිබ්බේ නෑ.."

"මම දන්නවා මම සකුනිට අවුරුදු 8 ක් ආදරේ කරා බදින්න කලින්.. මේ වෙන දේවල් හිතා ගන්නත් බෑ"

" මට තේරෙනවා දරුවෝ අපි මොනවා හරි කරමු.."

' කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ ගෙදර සතුට නැතුව.. ඉක්මනට මොනව හරි කරන්න ඕන"

"ඔව් ඒත් අනේ මන්දා පුතේ හිතා ගන්න බෑ ගෙදර කිසිම කල එලියක් නෑ.. එක එක වෙලාවට එක එක දෙවල්.."

විදූශ කාමරයට එන විට දුටු දෙයින් තුන් මුනින් දාඩිය දාඩිය දාන්නට විය. සකුනි සිහ සුන වී ඇද වැටි සිටිනු ඔහු දුටුවේ කමරයට ඇතුල් වෙද්දීමය. ඇගේ ශශීරයේ තැනින් තැන නියපොතු පාරවල් දුටු ඔහු තවත් තිගැස්සුනි.

කාමරයේ තැනින් තැන ලේය. පුංචි දරුවන්ගේ පිංතූර එකතුව සිහින් කැබලි වලට ඉරා දමා තිබුනි.කාමරයම පිස්සන් කොටුවකි.

සකුනිව අල්ලා ගැනිමට හොඉ උස්සා ගැනිමට ඇය ලගට ලං වීමට කෞරුන් හෝ ඉඩ නොදෙන වගක්ද ඔහුට දැනිනි. ඔහු ඇය ලගට ලන් වන විය කවුරු හෝ වැරෙන් ගසයි. ඔහුටත් ඉතුරු වූයේ තුවාල පමනි.

ඇයට සිහිය එන විට එතන සිටියෙ ගුරුන්නාන්සේ කෙනෙකි.

"මොකද උනේ දුවේ"

"අනේ මම දන්නෙ නෑ මාමේ මට හිතා ගන්න බෑ වෙච්චි දේවල්."

"කලබල නොවී දූ හිමින් විස්තරේ කියන්නකෝ.."

" මම උදේ නැගිටිද්දි විදූශ room එකේ හිටියෙ නෑ... මම හිතුවෙ විදූශ වේලාසනම jym යන්න ඇති කියලා.. මම ඇදෙන් බැහැලා ඇදුම් අරගද්දිම wash room එකෙන් වතුර සද්දෙ ආවා මම හිතුවෙ විදූශ wash room එකේ කියලා.. ඊට පස්සේ මම ආයෙමත් ඇද ඇතිරිලි හදලා අදෙන් දිගා උනා.. ඒත් එක්කම මට විදූශ call කලා එයා town ගියා කියලා.. මට බයක් දැනුනා ඒත් මම හිතුවේ ශවර් එකේ මොකක් හරි දෝශයක් වෙන්න ඇති කියලා.. මම wash room එකට යද්දි ඒක ලේ විලක්.. කවුදො කෙනෙක් මාව මරන්න හැදුවා.. ඒත් බැරි උනු තැනම උබේ අතේ තියෙන නූල නැති කාලෙක තොපි දෙන්නගෙ ලමයි බිලි ගත්තා වගේම තොපි දෙන්නත් මම කන්නම් කිව්වා...

මට එච්චරයි මතක මාමේ"

කාලය ගෙවිලා ගියා.. දවසක් සකුනිගෙ අගේ ඉන්න කෙනාව ගෙන්නලා මේකේ සුල මුල හොයන්න ගුරුන්නාන්සේ ඇතුලු සකුනිගේත් විදූශගේත් පවුලේ අය තීරනය කලා..

හීන් සීරුවේ සකුනිගේ ඇගේ ඉන්න අමනුෂ්‍ය දොශය ඉස්මතු කරගන්න ගුරුන්නාන්සේ සමත් උනා.

"මොකද බොල මේ කෙල්ලගේ ඇගට වෙලා කරන්නේ"

"මම මොනව කරත් බොට මොකටද"

"මේ කෙල්ලට කොරන හානිය මොකක්ද මේ"

"හානිය මොකක් උනත් උබර මොකද"

" මෙහෙම ඇගට වෙලා ඉන්න ඔහේ කවුද "

" මම මේකිගෙ අක්කා.. මම මුන්ගෙන් පලි නොගෙන යන්නෙ නෑ බොලව්"

"දෙයියනේ මේ මොන පවක්ද අක්ක නංගිගෙන් පලි ගන්නෙ කොහොමද"

"මේකිට මම ලමයි දෙන්නෙ නෑ .. මුන් කොයි ලොකෙ ගිහින් ලමයි හදන්න හැඩුවත් ඒක වෙන්න දෙන්නෙ නෑ"

" ඔච්චරටම පලි ගන්න කාරනේ මොකක්ද ගෑනියේ"

"මගේ ලමය ලැබෙන්න ගිහින් මම මැරුනත් හරි මුන් මට දාන බන කියල හරියාකරව පින් දුන්නෙ නෑ හොද ආත්මයක් ලබන්න.. ඒකේ පලිය ගන්නවමයි"

"ඔහොම කරාට මේකි පලි නෑ මේ ශශිර කූඩුවෙන් ගිහින් පිනක් කරගත්තොත් නරකද..

"තමුසෙගෙ බන තමුසෙම තියාගන්නව ඕයි..මම පලි අරගෙනමයි යන්නේ..

අවසානයේ ගුරුන්නාන්සේ විසින් ඒ අමනුෂ්‍ය දෝශයෙන් ඇයව බේරා ගන්න සමත් උනා.. පසුව විදූශ ටත් සකුනිටත් දරු සුරතල් බලන්න කාලය එලබුනේ පුංචි පුතෙක්ගේ අම්මෙක් වෙන්න සකුනිට හැකි වූ නිසයි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සකුනිගේ කුසට අරක්ගත් අක්කාගේ ආත්මය (Sakuni) සකුනිගේ කුසට අරක්ගත් අක්කාගේ ආත්මය (Sakuni) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2022 Rating: 5

0 comments:

Post a Comment