Rathnadipa Janmabumi Song Lyrics - රත්නදීප ජන්මභූමි ගීතයේ පද පෙළ

Rathnadipa Janmabumi Song Lyrics - රත්නදීප ජන්මභූමි ගීතයේ පද පෙළ
Song Title : Rathnadipa Janmabumi (රත්නදීප ජන්මභූමි)
ගායනය : පණඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මහගම සේකර
තනුව : පණඩිත් ඩබ්.ඩී. අමරදේව


රත්නදීප ජන්මභූමි
ලංකාදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
මාතෘභූමියයි //

ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
සාරවූ උදාරවූ මාතෘභූමියයි
මාතෘභූමියයි

මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධානවී//
ඇත්තෙ ඒ අභීත දූපුතුන්
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ//
ජීවිතේ පුදා හෙළූ ලේ කඳයි

රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
මාතෘභූමියයි

සින්දූපමාන වැව්තලා මතින් ඇදී//
පද්ම රේණුයෙන් සුගන්ධවී
රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා//
එන්නෙ උන් හෙළූ ප්‍රාණ වායුවයි

රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
මාතෘභූමියයි

ගංගා තරංග රාව දී රිදී වණින්//
මල් පිපී කුලින් කුළේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැඟී//
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
මාතෘභූමියයි
ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
සාරවූ උදාරවූ මාතෘභූමියයි
අපේ උදාර වූ මාතෘභූමියයි
මාතෘභූමියයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rathnadipa Janmabumi Song Lyrics - රත්නදීප ජන්මභූමි ගීතයේ පද පෙළ Rathnadipa Janmabumi Song Lyrics - රත්නදීප ජන්මභූමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2022 Rating: 5

0 comments:

Post a Comment