Rathu Rosa Pokurin Song Lyrics - රතු රෝස පොකුරින් ගීතයේ පද පෙළ

Rathu Rosa Pokurin Song Lyrics - රතු රෝස පොකුරින් ගීතයේ පද පෙළ
Song Title : Rathu Rosa Pokurin (රතු රෝස පොකුරින්)
ගායනය : පණඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


රතු රෝස පොකුරින් වෑහුනා
පිණි බිඳක් වෑහුනා
මා දෑස රිදවන මිලින පෙම් කඳුළු සේ //

මීදුම් මඳහස මතකින් මතුවී
පාවී අවුදින් කඳු නිම්නේ
රෝස පියල්ලේ ඔබේ සිනිඳු රූ
සිතුවම් කරවා සමුගන්නේ

රතු රෝස පොකුරින් වෑහුනා
පිණි බිඳක් වෑහුනා
මා දෑස රිදවන මිලින පෙම් කඳුළු සේ

ඔබගෙ සියුමැලි දෝතින් ඉන්දූ
රෝස ගසේ මල් පිපුණු උදේ
රෝස මලක් ළඟ කඳුළු බිඳක් වී
මා තනිවූවා නොවෙද ළඳේ

රතු රෝස පොකුරින් වෑහුනා
පිණි බිඳක් වෑහුනා
මා දෑස රිදවන මිලින පෙම් කඳුළු සේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rathu Rosa Pokurin Song Lyrics - රතු රෝස පොකුරින් ගීතයේ පද පෙළ Rathu Rosa Pokurin Song Lyrics - රතු රෝස පොකුරින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2022 Rating: 5

0 comments:

Post a Comment