Rata Karawannata Nam Medley Song Lyrics - රට කරවන්ට නම් Medley ගීතයේ පද පෙළ

Rata Karawannata Nam Medley Song Lyrics - රට කරවන්ට නම් Medley ගීතයේ පද පෙළ
Song Title : Rata Karawannata Nam Medley (රට කරවන්ට නම් Medley)
Team WAYO
Sangeeth Wijesuriya : Vocal
Ricky Meddegoda : Guitars/Vocal
Dumith Thilakarathne : Bass
Jineth Wijekoon : Percussion/Vocal
Senanga Dissanayake : Keys/Vocal
Kaushan Wijesuriya : Drums/Vocal
Demian Fernando : Vocal
Recording Engineer : Amala Mihiranga@BrickHouse
Recording assistant : Salitha Dilshan
Mixing and Mastering : Vinod Melpitiya @WayoMixHouse
Video Director/Editor/Colorist : Nuwan S Kekulandara @ WAYO Creatives
Cinematography : Sasanka S Udayanga | CeyMusic
Camrera Assistance : Tharindu Chathuranga, Maduranga Bandara
Production Coordinator : Nuwan Prasad Herath  
Still Photography : Riyas Mohomed | CeyMusic
Artworks : Nuwan S Kekulandara @ WAYO Creatives


දළදා මැදුර අධිකව මිල කල හැකිය
සිරිමා බෝධියේ ලංසුව පැහැදිලිය
කලුගල් වලට විකුනාගෙන සීගිරිය
සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය

රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ

පොළවේ උරුමේ කියමින්
බිලිදී විහිඟුම් ගුණදම්
දහසින් මියෙනා සටනින්
අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුලින්
සැනහේ ජය පැන් පුරමින්

මව් තුරුලේ පිපෙන මලට
ලංසු තියෙන නොමිනිසුන්ය
දුප්පතුනගෙ මල් නෙළමින්
ඉසුරු සොයන බැතිමතුන්ය
කිරි දරුවන් විතරක් නොව
මාරුවෙලා කාසි වලට
කොළොම් තොටින් නැව්
නැග්ගේ අපේ රටෙ මනුස්සකම

කොලොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම
කොලොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට
කොලොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම
කොලොම් තොටට ගොඩ බැස්සේ

සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා‍වූ සිංහ පැටව්
තුටු වෙද අනුනගෙ ඉඳුලින්

අප ධජයේ ඉන්නා සිංහ පැටව්
පැනයන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්


Rata Karawanta Nam
Original Artiste: Dr. Nanda Malini
Lyrics: Prof. Sunil Ariyaratne

Minisa Suwandai Mala Se
Original Artiste: Sunil Edirisinghe
Lyrics: Kumaradasa Saputhanthri

Kolom Thotin
Original Artiste: Pradeepa Dharmadasa
Lyrics: Rathmale Bandula Gunawardene

Thun Hele Kala Thula
Original Artiste: Dr. Nanda Malini
Lyrics: Prof. Sunil Ariyaratne

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rata Karawannata Nam Medley Song Lyrics - රට කරවන්ට නම් Medley ගීතයේ පද පෙළ Rata Karawannata Nam Medley Song Lyrics - රට කරවන්ට නම් Medley ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 20, 2022 Rating: 5

0 comments:

Post a Comment