Ranwan Eran Maala Song Lyrics - රන්වන් එරන් මාල ගීතයේ පද පෙළ

Ranwan Eran Maala Song Lyrics - රන්වන් එරන් මාල ගීතයේ පද පෙළ
Song Title : Ranwan Eran Maala (රන්වන් එරන් මාල)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග


රන්වන් එරන් මාල ගෙලටත් අරන් දෙන්න
ඉඳුනිල් මැණික් තෝඩු කණටත් අරන් දෙන්න
මගෙ පංච කල්‍යාණ රූපේ දිලේවී
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ

ලවන ආලේප විලවුන් අරන් දෙන්න
මල් මල් දුහුල් සාරි සළු පිළි ගෙනත් දෙන්න
අභිමාන බැල්මෙන් සැරසී සිටින්නම්
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ

රන්වන් එරන් මාල ගෙලටත් අරන් දෙන්න
ඉඳුනිල් මැණික් තෝඩු කනටත් අරන් දෙන්න
මගෙ පංච කල්‍යාණ රූපේ දිලේවී
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ

මගෙ යෙහෙළියන්ටත් ඔරවා බලන් ඉන්න
අත් වැල් බැඳන් එන්න මල් වත්තෙ ඇවිදින්න
තිර තාරකාවන් අප වාගෙ නේදෝ
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ

රන්වන් එරන් මාල ගෙලටත් අරන් දෙන්න
ඉඳුනිල් මැණික් තෝඩු කනටත් අරන් දෙන්න
මගෙ පංච කල්‍යාණ රූපේ දිලේවී
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ
ඔබටයි ප්‍රියේ ආඩම්බරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ranwan Eran Maala Song Lyrics - රන්වන් එරන් මාල ගීතයේ පද පෙළ Ranwan Eran Maala Song Lyrics - රන්වන් එරන් මාල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 12, 2022 Rating: 5

0 comments:

Post a Comment