Ranabara Idu Dudu Song Lyrics - රනඹර ඉඳු දුනු ගීතයේ පද පෙළ

Ranabara Idu Dudu Song Lyrics - රනඹර ඉඳු දුනු ගීතයේ පද පෙළ
Song Title : Ranabara Idu Dudu (රනඹර ඉඳු දුනු)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : සෝමපාල රත්නායක
1974 දී නිකුත් කළ "ඔබේ උපන් දිනේ" EP තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංක Gemtone / OME 12)


රනඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත් වෙලා
වසන්තේ
උදා වුනා
වසන්තේ උදා වුණා //

රන් බඳ රන් කුඹු රන් සළු වෙලා
නන්දන අංජන දෙනෙතේ උලා
දෙපයේ කිංකිණි නූපුර සොලවා
මා වෙත ඈ එනවා

රනඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත් වෙලා
වසන්තේ
උදා වුනා
වසන්තේ උදා වුණා

ඇගෙ ළැම රන් ගිරි දෙඅද මැදේ
මගෙ ජීවන රජ මැදුර සැදේ
සිහින විමානේ ආදර මතඟන
මා වෙත ඈ එනවා

රනඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත් වෙලා
වසන්තේ
උදා වුනා
වසන්තේ උදා වුණා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ranabara Idu Dudu Song Lyrics - රනඹර ඉඳු දුනු ගීතයේ පද පෙළ Ranabara Idu Dudu Song Lyrics - රනඹර ඉඳු දුනු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2022 Rating: 5

0 comments:

Post a Comment