Your Choice Way

Gana Adure Rala Pathare Song Lyrics - ඝණ අඳුරේ රළ පතරේ ගීතයේ පද පෙළ

Gana Adure Rala Pathare Song Lyrics - ඝණ අඳුරේ රළ පතරේ ගීතයේ පද පෙළ
Song Title : Gana Adure Rala Pathare (ඝණ අඳුරේ රළ පතරේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "ඝණ අඳුරේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Gemtone / OME 34)


ඝණ අඳුරේ රළ පතරේ
ජීවය පරදුවට තබා
වියත රකින මහ සම්පත්
නෙළාගන්න මුහුදු ගියා //

තෝරු මෝරු පොකිරිස්සෝ
අපෙ දුක සැප විමසනවා //
තොරතුරු ගැන කම්පා වී
අපේ දැළට ළංවෙනවා
කම්පා වී ළංවෙනවා

ඝණ අඳුරේ රළ පතරේ
ජීවය පරදුවට තබා
වියත රකින මහ සම්පත්
නෙළාගන්න මුහුදු ගියා

පණ කෙන්දට බිය ඇත්තෝ
මුහුදු යන්න බිය වෙනවා //
බිය සැක නැති අය දුටුව ම
මහ මුහුදත් බිය වෙනවා
මහ මුහුදත් බියවෙනවා

ඝණ අඳුරේ රළ පතරේ
ජීවය පරදුවට තබා
වියත රකින මහ සම්පත්
නෙළාගන්න මුහුදු ගියා //
 
නෙළා ගන්න මුහුදු ගියා /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gana Adure Rala Pathare Song Lyrics - ඝණ අඳුරේ රළ පතරේ ගීතයේ පද පෙළ Gana Adure Rala Pathare Song Lyrics - ඝණ අඳුරේ රළ පතරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, February 02, 2022 Rating: 5

0 comments:

Post a Comment