Payan Ran Sanda Song Lyrics - පායන් රන් සඳ ගීතයේ පද පෙළ

Payan Ran Sanda Song Lyrics - පායන් රන් සඳ ගීතයේ පද පෙළ
Song Title : Payan Ran Sanda (පායන් රන් සඳ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මහගම සේකර
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


පායන් රන් සඳ පෙරගිරි මුදුනින්
නැඟ එන පාළුව නිවා දමා
කොතෙක් වෙලා මම බලා සිටින්න ද
ඔබ එනතුරු හිස් දෙනෙත යොමා

නිල් මිණි තරු කැට නෙතු යුග පියැවී
නිදිබර වී ඉන්නේ
පුන් සඳ වෙනුවට මේ කුළු නැඟිලා
අඳුරයි මේ එන්නේ

ඈත එපිට සිට යුගයෙන් යුගයට
ප්‍රේමාතුරයන් හෙළූ කඳුළු කැට
එකතු වෙලා දෝ ගලා හැලෙන මේ
මහ වරුසා මැවුනේ

ඈත එපිට සිට යුගයෙන් යුගයට
ප්‍රේමාතුරයන් හෙළූ සුසුම් වැල්
එකතු වෙලාදෝ කඩා හැළෙන මේ
කුණාටු වැල් මැවුනේ

ඉඳහිට මුවගේ නැඟුණු සිනා රැළි
අතරමංව යන එන මං නැති වී
වියරු වැටී දෝ විදුලිය වාගේ
දුව පැන මේ යන්නේ

පායන් රන් සඳ පෙරගිරි මුදුනින්
නැඟ එන පාළුව නිවා දමා
කොතෙක් වෙලා මම බලා සිටින්න ද
ඔබ එනතුරු හිස් දෙනෙත යොමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Payan Ran Sanda Song Lyrics - පායන් රන් සඳ ගීතයේ පද පෙළ Payan Ran Sanda Song Lyrics - පායන් රන් සඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2022 Rating: 5

0 comments:

Post a Comment