Pani Kurullane Song Lyrics - පැණි කුරුල්ලනේ ගීතයේ පද පෙළ

Pani Kurullane Song Lyrics - පැණි කුරුල්ලනේ ගීතයේ පද පෙළ
Song Title : Pani Kurullane (පැණි කුරුල්ලනේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : සරත් දසනායක


පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ
ගියතැනකින් වරෙල්ලා
පුංචි පුතා ඇවිල්ලා
කැලේ පැන්න මං වගේම බාල සන්දියේ
දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ

අඹ දඔ නාරං ගස් යට
කජු පුහුලන් මොර ගස් යට
අපි වගේම ලුණු පනින්න කැට පොල විදලා
පුංචි පුතා එන්න කලින්
උන් හිටතැන් නැතිවුනදා
ගහට ගහක් මුණ ගැහෙන්න බැද්ද ගිහිල්ලා

පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ
ගියතැනකින් වරෙල්ලා
පුංචි පුතා ඇවිල්ලා
කැලේ පැන්න මං වගේම බාල සන්දියේ
දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ

ඇළේ වතුර නිල් කැටේට
දණ්ඩි කොරලි යන වටේට
කිමිදි කිමිදි පීනන්නට දියබුං ගහලා
පුංචි පුතා එන්න කලින්
කළු දිය දහරා හැළිලා
ඇළට පාර අමතක වී මං මුලා වෙලා

පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ
ගියතැනකින් වරෙල්ලා
පුංචි පුතා ඇවිල්ලා
කැලේ පැන්න මං වගේම බාල සන්දියේ
දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pani Kurullane Song Lyrics - පැණි කුරුල්ලනේ ගීතයේ පද පෙළ Pani Kurullane Song Lyrics - පැණි කුරුල්ලනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2022 Rating: 5

0 comments:

Post a Comment