මිල්ක් මේඩ් හදමු (Condensed Milk) 🥣🥣👌

මිල්ක් මේඩ් හදමු (Condensed Milk) 🥣🥣👌 - Your Choice Way

RECIPE (01)


✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • නැවුම් එළකිරි ලීටර් 1
  • සීනි ග්‍රෑම් 250
  • NaHCO3 (ආප්ප සෝඩා) තේ හැදි 1/8 (අත්‍යාවශ්‍යතම නෑ.නමුත් හොඳ ක්‍රීමි ගතියක් එනව ආප්ප සෝඩා පින්ච් 2ක් එකතු කලාම)
  • වැනිලා තේ හැඳි 1

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ කිරි භාජනයකට දමා උණු කරන්න.
  2. ♦️ ඊට පසු සීනි දමා දියකර ගෙන හොදින් උතුර වන්න.හොඳින් හැඳි ගාන්න.නැත්නම් උතුරලා යන්න පුළුවන්.
  3. ♦️ උතුරනවිට මිශ්‍රණය ටිකෙන් ටික කහ පැහැයට හැරෙන්න ගන්නවා.විනාඩි 20 ක් විතර පෙන නගිමින් උතුරන්න දෙන්න.
  4. ♦️ හොඳට හිදීගෙන පදම පැමිණි විට එයට ආප්පසෝඩා එක්කර තව විනාඩි 10 විතර උනු කරන්න. වැනිලා ට්කකුත් එකතු කරන්න (ප්‍රමාණය අඩු වෙලා ඝන මිශ්‍රණක් බවට පත් වෙන විට හැන්දෙ දැවටෙනවා)
  5. ♦️ දැන් ලිපෙන් බාන්න.හොඳට විනාඩි 5 ක් 10 ක් හැඳි ගාන්න.හොඳටම නිවෙන්න තියන්න.
  6. ♦️ පසුව හොඳ පිරිසිදු බෝතලයකට (ජීවානුහරණය කල) දමන්න.

RECIPE (02)


✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • කිරි පිටි මේස හැඳි 08
  • තද උණු වතුර ලීටර් 1
  • සීනි ග්‍රෑම් 400
  • NaHCO3 (ආප්ප සෝඩා) තේ හැදි 1/8
  • (අත්‍යාවශ්‍යතම නෑ.නමුත් හොඳ ක්‍රීමි ගතියක් එනව ආප්ප සෝඩා පින්ච් 2ක් එකතු කලාම)
  • වැනිලා තේ හැඳි 1

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ උණු වතුර සමඟ කිරි පිටි සහ සීනි හොඳට දිය කරන්න.
  2. ♦️ පසුව භාජනයක් ලිප තබා කිරි පිටි මිශ්‍රණය පෙරා ඒකට දාන්න.
  3. ♦️ ඉහත ක්‍රියා පිළිවෙලටම සිදු කරන්න.
🔴🔴 මේ දෙවැනි recipe එක නම් ඇත්තටම ගොඩක් ලාබදායි.මම නම් මිල්ක්මේඩ් කඩෙන් ගන්නෙම නැති තරම්.මම උනත් මේ දෙවැනි ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ.එළකිරි සහ කිරි පිටි කියල කිසිම වෙනසක් නැහැ.අනික කිරි පිටි මේස හැඳි 8 න් මිල්ක්මේඩ් ග්‍රෑම් 500 ක් 550 ක් වගේ හදාගන්නත් පුළුවන්.හරිම ලාබයි ඒක.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
මිල්ක් මේඩ් හදමු (Condensed Milk) 🥣🥣👌 - Your Choice Way

මිල්ක් මේඩ් හදමු (Condensed Milk) 🥣🥣👌 - Your Choice Way

මිල්ක් මේඩ් හදමු (Condensed Milk) 🥣🥣👌 - Your Choice Way

මිල්ක් මේඩ් හදමු (Condensed Milk) 🥣🥣👌 - Your Choice Way

මිල්ක් මේඩ් හදමු (Condensed Milk) 🥣🥣👌 - Your Choice Way

මිල්ක් මේඩ් හදමු (Condensed Milk) 🥣🥣👌 - Your Choice Way

මිල්ක් මේඩ් හදමු (Condensed Milk) 🥣🥣👌 - Your Choice Way

මිල්ක් මේඩ් හදමු (Condensed Milk) 🥣🥣👌 - Your Choice Way

මිල්ක් මේඩ් හදමු (Condensed Milk) 🥣🥣👌 - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මිල්ක් මේඩ් හදමු (Condensed Milk) 🥣🥣👌 මිල්ක් මේඩ් හදමු (Condensed Milk) 🥣🥣👌 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2022 Rating: 5

0 comments:

Post a Comment