Obe Namata Pudami Sada Song Lyrics - ඔබෙ නමට පුදමී සදා ගීතයේ පද පෙළ

Obe Namata Pudami Sada Song Lyrics - ඔබෙ නමට පුදමී සදා ගීතයේ පද පෙළ
Song Title : Obe Namata Pudami Sada (ඔබෙ නමට පුදමී සදා)
Main Artist : Pradeep Rangana
Music : Sanjula Himala
Lyrics : Sachitha Udayanga
Video Production : Giant Entertainment


ඔය ඇස් දිහා පෙම යා වෙලා
ගෙතු කාරණා හද දිවුරුවා
සිත තෝරනා ඔබෙ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැඟුමන් පායලා සිතුමන් වෑහිලා
එනමුත් නොහැඟෙදෝ ආදරේ
ඉතිරෙන ආදරේ ඔය හද තුල තියා
මට සිත දෙයිදෝ පැතු කුමරියේ

මාගේ දෛවේ පිදු ඒ උරුමේ ඔබ වේ දැයි
සිත කීවේ දුටු මුල් දිනේ
පැටලුම් වීලා විසඳුම් සොයලා සිත ළඟ පෑහී
කියනු ඔබ කවුදෝ කියා

ඔබ නිසා නෙතු ඇහැරීලා අඳුරේ පවා
තනිකඩද සිත අසනවා
ඔබ හද හිමි වුනත්
ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා

ඔය ඇස් දිහා පෙම යා වෙලා
ගෙතු කාරණා හද දිවුරුවා
සිත තෝරනා ඔබෙ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැඟුමන් පායලා සිතුමන් වෑහිලා
එනමුත් නොහැඟෙදෝ ආදරේ
ඉතිරෙන ආදරේ ඔය හද තුල තියා
මට සිත දෙයිදෝ පැතු කුමරියේ

ඇසෙනා මානේ ඔබ අද වේ නම් ඇති නම් හෘදේ
ප්‍රේමේ නොපිරූ ඉඩක්
මාගේ හෘදේ මෙතරම් ආලේ උතුරා යන්නේ
නොපිරූ තැන් පුරවන්නමයි
ඔබ නිසා තැනු ගීතේ අවසානය කෙරේ
මැවු සිහිනෙ පිබිදෙයිද මං

ඔබ හද හිමි වුනත්
ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Namata Pudami Sada Song Lyrics - ඔබෙ නමට පුදමී සදා ගීතයේ පද පෙළ Obe Namata Pudami Sada Song Lyrics - ඔබෙ නමට පුදමී සදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2022 Rating: 5

0 comments:

Post a Comment