Obath Math Athare Song Lyrics - ඔබත් මාත් අතරේ ගීතයේ පද පෙළ

Obath Math Athare Song Lyrics - ඔබත් මාත් අතරේ ගීතයේ පද පෙළ
Song Title : Obath Math Athare (ඔබත් මාත් අතරේ)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


ඔබත් මාත් අතරේ දැඩිව බැඳුණු ආදර හිත
ඈත ඈත අනන්ත‍යක මල් අහුලනවා
ඒ මල් ලොව කවදා හෝ කිරුළු දරනවා //

සිනහ වුණොත් ආදර හිත් සුවඳ වෙවී
හෙට දවසේ ලෝකය තව ලස්සන වේවී //
ඒ ලස්සන ලෝකය මත අප හිනැහේවී

ඔබත් මාත් අතරේ දැඩිව බැඳුණු ආදර හිත
ඈත ඈත අනන්ත‍යක මල් අහුලනවා
ඒ මල් ලොව කවදා හෝ කිරුළු දරනවා

පෙම් බස් මුමුණන විට අප හඳ හෙවනේ
තව ලොවකට යන මාවත අපට පෙනේවී //
ඒ මාවත තරු එළියේ එළිය කරාවී

ඔබත් මාත් අතරේ දැඩිව බැඳුණු ආදර හිත
ඈත ඈත අනන්ත‍යක මල් අහුලනවා
ඒ මල් ලොව කවදා හෝ කිරුළු දරනවා
ඔබත් මාත් අතරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obath Math Athare Song Lyrics - ඔබත් මාත් අතරේ ගීතයේ පද පෙළ Obath Math Athare Song Lyrics - ඔබත් මාත් අතරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2022 Rating: 5

0 comments:

Post a Comment