Meena Nuwan Yugin Balan Song Lyrics - මීන නුවන් යුගින් බලන් ගීතයේ පද පෙළ

Meena Nuwan Yugin Balan Song Lyrics - මීන නුවන් යුගින් බලන් ගීතයේ පද පෙළ

Meena Nuwan Yugin Balan Song Lyrics - මීන නුවන් යුගින් බලන් ගීතයේ පද පෙළ
Song Title : Meena Nuwan Yugin Balan (මීන නුවන් යුගින් බලන්)
ගායනය : නිරංජලා සරෝජිනී සහ ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා //

බලන්න බෑ බණ්ඩාරේ
උඩරට කුල නිල බල ඇති බණ්ඩාරේ
බණ්ඩාරේ

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා

ඔබ කෝවිල් එන්නෙත් නෑ
මට පන්සල් එන්නත් බෑ
අපි ඈතයි අපි ඈතයි බණ්ඩාරේ
බණ්ඩාරේ

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා

අත් වැල් බැඳ කෝවිල් යමු
පෝයදාට පන්සල් යමු //
මෘදංග නද ගැටබෙර හඩ
අපගේ දෙසවනට එකයි

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා

බලන්න බෑ බණ්ඩාරේ
උඩරට කුල නිල බල ඇති බණ්ඩාරේ
බණ්ඩාරේ

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන්
මීනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Meena Nuwan Yugin Balan Song Lyrics - මීන නුවන් යුගින් බලන් ගීතයේ පද පෙළ Meena Nuwan Yugin Balan Song Lyrics - මීන නුවන් යුගින් බලන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2022 Rating: 5

0 comments:

Post a Comment