Ridawanna Maa Song Lyrics - රිදවන්න මා ගීතයේ පද පෙළ

Ridawanna Maa Song Lyrics - රිදවන්න මා ගීතයේ පද පෙළ
Song Title : Ridawanna Maa (රිදවන්න මා)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


හඬවන්න මා රළ බිඳින සයුර සේ
රිදවන්න මා පෙති සිඳින කුසුම සේ
මට සැපතකී ඒ
ඉවසන්න බැහැ මේ
මුනිවත ඔබේ

මුළු තිස් පැයේ මඟ බැලූ නෙත ගිලී
රෑ තිස් පැයේ සිත වැදී ලැව් ගිණී
හිස අත තැබූ තෙම තෙමා කඳුළිනී
පෙම්වත අනේ ඉවසන්න බැහැ මේ
මුනිවත ඔබේ

හඬවන්න මා රළ බිඳින සයුර සේ
රිදවන්න මා පෙති සිඳින කුසුම සේ
මට සැපතකී ඒ
ඉවසන්න බැහැ මේ
මුනිවත ඔබේ

ගිරිකුළ ඔබයි මා සුළං රැළ්ලකි
වනපෙත ඔබයි වන මලකි මා තනි
සැඩ හිරු ඔබයි පිණි පොදකි මා රැඳි
ඇයි හිමියනේ ඉවසන්න බැහැ මේ
මුනිවත ඔබේ

හඬවන්න මා රළ බිඳින සයුර සේ
රිදවන්න මා පෙති සිඳින කුසුම සේ
මට සැපතකී ඒ
ඉවසන්න බැහැ මේ
මුනිවත ඔබේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ridawanna Maa Song Lyrics - රිදවන්න මා ගීතයේ පද පෙළ Ridawanna Maa Song Lyrics - රිදවන්න මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2022 Rating: 5

0 comments:

Post a Comment