Lassa Ganan Wasthu Labi Song Lyrics - ලස්ස ගණන් වස්තු ලැබී ගීතයේ පද පෙළ

Lassa Ganan Wasthu Labi Song Lyrics - ලස්ස ගණන් වස්තු ලැබී ගීතයේ පද පෙළ

Lassa Ganan Wasthu Labi Song Lyrics - ලස්ස ගණන් වස්තු ලැබී ගීතයේ පද පෙළ
Song Title : Lassa Ganan Wasthu Labi (ලස්ස ගණන් වස්තු ලැබී)
ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ඇන්ටන් රොද්‍රිගූ, සී. ටී. ප්‍රනාන්දු සහ දයා සන්දනායක (විවාහයෙන් පසු දයා හේමන්තා අබේසේකර)
පද රචනය : මහගම සේකර
තනුව : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
මෙහි ඇතුළත් වන්නේ සිනමා කෘතියෙන්ම උපුටා ගත් ගායනය හා එසේ ගැයුණු පද වැලයි.


ලස්ස ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා //
රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා

රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා
සාරයි සාරයියා ////

මේ සුභ ආරංචිය මමයි මෙහේ ගෙනාවේ
හොඳටම පරණ වෙලා මා යන මේ වාහනේ
කාලේ හොඳ හොඳ දා නරක දසා පහවෙලා
රෝදේ කැරකෙනවා හිත හොඳ තැන් බල බලා

අනේ අනිච්චං

ලස්ස ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා

හීනෙන් මං දුටුවා මඟුල් ගෙයක් ළං වෙලා
හීනෙන් අපි හිටියා මඟුල් ගෙදර වටවෙලා
දෑතයි කණයි කරයි රන් රිදියෙන් ඔපවෙලා
මූණේ සිනා සුදෙන් කිරියි පැණියි උතුරලා

ලස්ස ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා

ගත් ණය සේරම මට පොලිය සමග ලැබෙනවා
මත්තට ලෙඩට දුකට පිහිටක් දැන් තියෙනවා
දුරුවී අගහිඟකම් පිරුණා ගුණ ආදරේ
බෙදිලා එයි කාටත් එකසේ ඒ ආදරේ

ලස්ස ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා //
රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා


රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා
සාරයි සාරයියා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lassa Ganan Wasthu Labi Song Lyrics - ලස්ස ගණන් වස්තු ලැබී ගීතයේ පද පෙළ Lassa Ganan Wasthu Labi Song Lyrics - ලස්ස ගණන් වස්තු ලැබී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 03, 2022 Rating: 5

0 comments:

Post a Comment