Shwetha Song Lyrics - ශ්වේතා ගීතයේ පද පෙළ

Shwetha Song Lyrics - ශ්වේතා ගීතයේ පද පෙළ
Song Title : Shwetha (ශ්වේතා)
Artist : Lakshan Pramuditha ft.UMK
Music Produced By : Shan Ex@Wave audio
Lyrics & Rap Lyrics : Kavinda Perera
Director/Dop : Janith Maduranga @Winpix Productin
Videography : Danushka Weerakoon
Editor/Colourist : Mahesh Jayamanne
Cast : Kavindi Anupama


සිතඟ සක්මන් කරන ඒ
නුරා දැසේ සේයා
මහද හැඟමන් පුබුදුවයි
හිතම මන්මත් කරලා
රෑ මැදියමේ පාළුව ගෙනෙනා
මතකයට හිත සීරුණා
හිඳින්නට මේ වස්සානේ ලංවීලා 
ළඟින් ඔබ නෑ ශ්වේතා

Rap
මගෙ ලෝකෙ මුල්තැන හිටියෙ නුඹ
හැමදාකම නිතරම සිහිපත් වුණ
වටිනාකමක් නැති වුණත් අද මගෙ 
ආලෙට නුඹෙ ඔය හදවත ළඟ
දුන්නා හැමදේම නෑ කරේ අඩුවක්
කවදාවත් මගෙ ආදරෙන් නම් නුඹට
පණ වගෙ ලංවෙලා ඉඳන්  
රිදවලා ගියා නේද අන්තිමෙ මටම
දුන්නා පොරොන්දුවක් මතකයි දවසක
සීතලේ
ගත කිතිකැවෙන හවසක
රවටන් නෑ මියෙන තුරාවට
හිඳින්න ආසම කිව්වෙ මගෙ තුරුලෙම
රිදෙව්වෙවත් නෑ මම නම් සැරයක්වත්
කළේම අහසක තරම් ආදරයක්
වටින්නැති බව දැනෙද්දි මේ ආදරේ 
නුඹ ගියා මගෙ අත තියා වැඩි ලන්සුවක්

Verse
දැවටිලා ළඟ කී කතා
හීනෙන් වගේ ඇහෙනවා
මිරිඟුවක් වූ ඒ සිනා
තාම මැවිලා පෙනෙනවා

Rap
මම දුන්නෙ හැමදම සතුටමයි ආදරෙන්
ඒත් ලැබුණෙ මට නම් කඳුළුම විතරමයි
නුඹෙ බොරු මැද මම හිටියෙ සීරුවෙන්
ආදරෙයි කියන් මාව රැවටුවෙ නුඹ තමයි
එපා මට බොරු හිනාව
දන්නවා මං කතාව
අඳුරන් ඉන්නෙ දැන් කෙනාව
ඒත් ආයෙ ඉල්ලන් එන්න නම් එපා සමාව
හිතන තරම් කවුරුවත් නම් බිසී නෑ 
ඇමතුවොත් නම් හැබැයි නුඹ මට වෙයිටින්
කතාවෙන් නම් අහිංසක පොෂ්කම නෑ 
මං හින්දා වුණාද නුඹෙ ලයිෆ් එක බෝරිං
අන්තිම පාරටත් කියන්නෙ ආදරෙයි
ඒත් වින්ද දුක ආයෙ හීනෙන්වත් එපා මට
දවසක අපි මූණට මූණ හම්බවෙයි
බලන්නෙපා එදාට නම් අමතකයි ඔයා මට

සිතඟ සක්මන් කරන ඒ
නුරා දැසේ සේයා
මහද හැඟමන් පුබුදුවයි
හිතම මන්මත් කරලා
රෑ මැදියමේ පාළුව ගෙනෙනා
මතකයට හිත සීරුණා
හිඳින්නට මේ වස්සානේ ලංවීලා 
ළඟින් ඔබ නෑ ශ්වේතා

දැවටිලා ළඟ කී කතා
හීනෙන් වගේ ඇහෙනවා
මිරිඟුවක් වූ ඒ සිනා
තාම මැවිලා පෙනෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Shwetha Song Lyrics - ශ්වේතා ගීතයේ පද පෙළ Shwetha Song Lyrics - ශ්වේතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2022 Rating: 5

0 comments:

Post a Comment