Kandulu Kiri Powa Song Lyrics - කඳුළු කිරි පොවා ගීතයේ පද පෙළ

Kandulu Kiri Powa Song Lyrics - කඳුළු කිරි පොවා ගීතයේ පද පෙළ
Song Title : Kandulu Kiri Powa (කඳුළු කිරි පොවා)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : ධර්මසිරි ගමගේ
තනුව : සරත් ද අල්විස්


කඳුළු කිරි පොවා
තුරුලේ සෙනෙහසින් හදා //
කඳුළු විල දිගේ නොපෙනී ගියෙදෝ අම්මා
කඳුළු කිරි පොවා
තුරුලේ සෙනෙහසින් හදා

සත් පියුම් විලේ
විල මැද යළි පිපී දිලේ //
දුටු සඳ දරුවන් වෙත මවකගේ සෙනේ //
මිහිකත වුව හඬා වැටේ

කඳුළු කිරි පොවා
තුරුලේ සෙනෙහසින් හදා
කඳුළු විල දිගේ නොපෙනී ගියෙදෝ අම්මා

නිවන් මං පෙතේ
ඔබ ගිය මං ලකුණු පෙනේ //
වඩිනා දා නිවන් පුතු සෙනේ වඩා //
මා දෙස බලනු මට දැනේ

කඳුළු කිරි පොවා
තුරුලේ සෙනෙහසින් හදා //
කඳුළු විල දිගේ නොපෙනී ගියෙදෝ අම්මා
කඳුළු කිරි පොවා
තුරුලේ සෙනෙහසින් හදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandulu Kiri Powa Song Lyrics - කඳුළු කිරි පොවා ගීතයේ පද පෙළ Kandulu Kiri Powa Song Lyrics - කඳුළු කිරි පොවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 03, 2022 Rating: 5

0 comments:

Post a Comment