Dineka Ran Salu Palada Song Lyrics - දිනෙක රන් සළු පළඳා ගීතයේ පද පෙළ

Dineka Ran Salu Palada Song Lyrics - දිනෙක රන් සළු පළඳා ගීතයේ පද පෙළ
Song Title : Dineka Ran Salu Palada (දිනෙක රන් සළු පළඳා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


දිනෙක රන් සළු පළඳා
සඳ නැඟි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ පෙම් දෝලාවෙන් //

ඇසුරු කළ කම්පන හා සැනසිලි පසමිතුරු
ගෙවුනු යෞවන විය තනි නොතනියෙ උන් අයුරු
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳදා පවුරු
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇති දෝ කවුරු

දිනෙක රන් සළු පළඳා
සඳ නැඟි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ පෙම් දෝලාවෙන්

වියළි මඟ මහ වැලි කාන්තාර පසු කරවා
පවස සන්සිඳවන ලෙස දිය උල්පත් අරවා
පරව ගිලිහෙන තුරු සියොළඟ කළු සළු පොරවා
ඔබය දිය යුතු හිස්වන විට දිවි විත පුරවා

දිනෙක රන් සළු පළඳා
සඳ නැඟි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ පෙම් දෝලාවෙන් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dineka Ran Salu Palada Song Lyrics - දිනෙක රන් සළු පළඳා ගීතයේ පද පෙළ Dineka Ran Salu Palada Song Lyrics - දිනෙක රන් සළු පළඳා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 03, 2022 Rating: 5

0 comments:

Post a Comment