Hima Sela Men Song Lyrics - හිම සෙල මෙන් ගීතයේ පද පෙළ

Hima Sela Men Song Lyrics - හිම සෙල මෙන් ගීතයේ පද පෙළ
Song Title : Hima Sela Men (හිම සෙල මෙන්)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


හිම සෙල මෙන් සිසිල හෙළූ
ගිනි සිළ මෙන් කිපෙන සුළූ
පැවතුම් ගැන ඔබට පොදූ
මම තවමත් සිතමි සුදූ
හිම සෙල මෙන් සිසිල හෙළූ

සියපත් වැනි වත සිරිමත්
පිණි කැට ඩා බිඳු නඟනා //
අභියස සැතපෙන විට නෙත්
මිණි මුතු කුමටද අගනා

හිම සෙල මෙන් සිසිල හෙළූ
ගිනි සිළ මෙන් කිපෙන සුළූ
පැවතුම් ගැන ඔබට පොදූ
මම තවමත් සිතමි සුදූ
හිම සෙල මෙන් සිසිල හෙළූ

ඔබ නැති විට නැත දවසක්
සුපුරුදු හිරු සඳු නැගෙනා //
සසරෙදි හුරු ලෙස නැවතත්
පිනැතියෙ ඔබ මුණගැසුනා

හිම සෙල මෙන් සිසිල හෙළූ
ගිනි සිළ මෙන් කිපෙන සුළූ
පැවතුම් ගැන ඔබට පොදූ
මම තවමත් සිතමි සුදූ
හිම සෙල මෙන් සිසිල හෙළූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hima Sela Men Song Lyrics - හිම සෙල මෙන් ගීතයේ පද පෙළ Hima Sela Men Song Lyrics - හිම සෙල මෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 23, 2022 Rating: 5

0 comments:

Post a Comment