කිතුල් පිටි කැඳ හදමු (Kithulpiti Kada)

කිතුල් පිටි කැඳ හදමු (Kithulpiti Kada) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • කිතුල් පිටි මේස හැඳි 4 ක්
  • මිටි කිරි අඬු කෝප්ප 3 1/2 ක්
  • දිය කිරි අඬු කෝප්ප 2
  • ලුණු තේ හැඳි 1 1/2 
  • රතු කැකුළු බත් කෝප්ප 1 
  • සීනි හෝ හකුරු 
  • Fresh Milk අඬු කෝප්ප 1/2 (අවශ්‍යම නැහැ)
  • ඉඟුරු පොඩ්ඩක් 
  • මුදරස් පලම්,රට ඉඳි (අවශ්‍යම නැහැ)

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මුලින්ම රතු කැකුළු බත් කෝප්පය බ්ලෙන්ඩ් කර ගන්න.මතක තියා ගන්න ක්‍රීම් එකක් වෙනකන් බ්ලෙන්ඩ් කරන්න එපා.මටනම් කැඳ එකක් උනාම පොඩ්ඩක් හැපෙන  ගතියක් තියෙන්න ඕන.
  2. ♦️ දැන් හොඳට ඉඩ ඇති භාජනයක් අරන් කිතුල් පිටි සහ දිය කිරි ටික සහ සීනි එක් කර හොඳින් කවලම් කරන්න. ඒකටම ඉඟුරු පොඩ්ඩක් එක් කරන්න.දැන් මේ භාජනය ලිපේ තියන්න.ඔන්න මතක තියා ගන්න.ලිපේ තිව්වම මේක ලිපෙන් බානකන්ම හැඳි ගන්න ඕන.නැත්නම් අඩිය අල්ලනවා.
  3. ♦️ හොඳට කිරි ටික නටාගෙන එද්දි මිටි කිරි ටික එක් කරන්න.හොඳට හැඳි ගන්න අමතක කරන්න එපා.
  4. ♦️ දැන් කැඳ එක හොඳට නටාගෙන එද්දි  තියේනම් fresh milk ට්ක එකතු කරන්න. සාම්ප්‍රදායික කිතුල් පිටි එකට ෆ්‍රෙෂ් මිල්ක් එක් කරන්න කියල නෑ.එත් මම නම් දානව පොඩ්ඩක් මොකද ඒකෙන් පුදුම රසක් එනව අන්න ඒ නිසා.
  5. ♦️ දැන් කැඳ එක බුබුළු දාල නටන විට තියේනම් රට ඉඳි ටිකක් පොඩියට කපලා අරන් මුදරස් පලම් ටිකක් එක්ක එක් කරන්න. කජු තියේනම් තවත් රසයි. දැන් මේක ලිපෙන් බාල හොඳින් හැඳි ගන්න විනාඩි 5 ක් විතර.සීනී සහ ලුණු බලල ඒව පදමට එක් කරන්න
♦️ ඒ වගේම බත් වෙනුවට සව් එක් කරන්නත් පුළුවන්.නැත්නම් මේ දෙකම නැතුව හදන්නත් පුළුවන්.ඒත් මටනම් බත් පොඩ්ඩක් ආපුහම රසයි. සව් හාල් වලිනුත් රසයි.

♦️ මේ කැඳ එක උණුවෙන් බොන්න.එතකොට ගොඩක් රසයි.හැබැයි ඕන නම් ශ්‍රීතකරණයේ තියල කූල් කරල බොන්නත් පුළුවන්.

♦️ බලන්න.මේ වගෙ සාම්ප්‍රදායික කෑම වර්ග හදන්න කොයිතරම් පහසුයිද? මොනතරම් ගුණයිද මේව.ඇයි එහෙනම් ඔය ලොකු ලොකු සන්නම් නාම තියන වස විෂ කාල බීල අපේ ලෙඩ රෝග වලට අත වනල අපේ ආයු කාලය අඩු කර ගන්නේ?

💙 කම්මැලි නැතුව මේ ටිකත් කියවන්නකො. බලන්නකො මේ කිතුල් පිටි වල තියන ගුණ
♦️ කිතුල්පිටි වල වැඩි වශයෙන් පිෂ්ඨය අඩංගු  අතර ප්‍රෝටීන්, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, ඛනිජ ලවණ සහ මේදය සුළු වශයෙන් අඩංගු වේ.
♦️ ආහාර උත්තේජකයක් ලෙස ක්‍රියාකරයි. 
♦️ ගැස්ට‍්‍රයිටීස් රෝගය පාලනයට උපකාරී වේ.
♦️ නිතර ක්ලාන්ත ගතියෙන් පෙලෙන්න අයට
♦️ ශරීරය වෙහසවා වැඩකරන අයට ගුණයි
♦️ රාත්‍රියේ නින්ද නොයාම ඇති අයට
♦️ ශරීරය පෘෂ්ටිමත් කරයි.
♦️ සිරුරට ශීතල ගුණය ලැබේ. ඒ නිසා ශරීරය සෞම්‍යව තබාගත හැකියි. 
♦️ නීරක්තිය සඳහා ඔසුවකි
♦️ අධි රුධිර පීඩනය මග හරවයි.
♦️ අමාශ ගත තුවාල සුවපත් කරයි.
♦️ අර්ශස් රෝගින්ට සුදුසුය.
♦️ පාණ්ඩු තත්වයන් ගෙන් මුදවා ගනී.

👹️👹️👹️ පෙනහළු ආ‍ශ්‍රිත රෝග ඇති අයට දිනපතා ආහාරයට ගැනීම සුදුසු නොවේ. ඒ අනුව ඇදුම, හතිය, කැස්ස ඇති අයට හොඳ නැත.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
කිතුල් පිටි කැඳ හදමු (Kithulpiti Kada) - Your Choice Way

කිතුල් පිටි කැඳ හදමු (Kithulpiti Kada) - Your Choice Way

කිතුල් පිටි කැඳ හදමු (Kithulpiti Kada) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කිතුල් පිටි කැඳ හදමු (Kithulpiti Kada) කිතුල් පිටි කැඳ හදමු (Kithulpiti Kada) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 23, 2022 Rating: 5

0 comments:

Post a Comment