Malliye Mage Song Lyrics - මල්ලියේ මගේ ගීතයේ පද පෙළ

Malliye Mage Song Lyrics - මල්ලියේ මගේ ගීතයේ පද පෙළ
Song Title :  Malliye Mage (මල්ලියේ මගේ)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

එකම කුසයේ ඉපිද එකට
කුඩා කල සිටන් නිතරම
එලිය කෙරුවේ මගේ ලෝකෙම
ඔබමයි මගෙ මල්ලියේ..

කොටු වැටිච්ච පුංචි සරම
ඇදන් නටනටා සැමවිට
සැමදෙනාගේ සිත් සතුටින් 
පිනෙව්වේ ඔබයි සැම දින

පුංචි කාලයේ පටන්ම
ගෙදර නිතර නිතර දබර
කරමින් සිටියා දැවටී
මා අසලම මගේ ලගම

කාලය විගසින් ඉගිලී
ඔබ හා මා වැඩිහිටි වී
සිටියත් අපගේ හදවත්
සොයුරු දමින් මුසපත් වී

කොපමණ බාධක ආවද
නොසැලී සිටිනා හැටි දැක
මා හද සතුටින් පිරුණේ 
දැකුමෙන් ඔබෙ ජය නිතරම

මේ භවයේ ලැබුව ඔබේ
සොයුරු පෙමේ බල මහිමේ
පවතීවා බොහෝ කලක්
සසර පුරා හැම භවයේ...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malliye Mage Song Lyrics - මල්ලියේ මගේ ගීතයේ පද පෙළ Malliye Mage Song Lyrics - මල්ලියේ මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 30, 2020 Rating: 5

0 comments:

Post a Comment