Heluwanam Eka Kandulak Song Lyrics - හෙළුවානම් එක කඳුළක් ගීතයේ පද පෙළ

Heluwanam Eka Kandulak Song Lyrics - හෙළුවානම් එක කඳුළක් ගීතයේ පද පෙළ
Song Title : Heluwanam Eka Kandulak (හෙළුවානම් එක කඳුළක්)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
මල්දෙණියේ සිමියොන් චිත්‍රපටියෙන්


හෙළුවානම් එක කඳුළක් නෙතු අග
වියළුනි ඒ එක කඳුළත් සුළඟේ
සුළඟේ ...
සුළඟේ ...

දැනුනානම් හද රිදුමක් දවසක
නිමවිය ඒ දුක සුපසන් ගෙපැලේ
ගෙපැලේ ...
ගෙපැලේ ...

වැහි මන්දාරම සුළඟට හසුවී
නිල්වන් අහසයි ගම්දොර දිලුනේ
පූදින ගොයමේ නාඹර සුවඳයි
වදුලු පුරා වන මල් මත රැඳුනේ
රැඳුනේ ...

හෙළුවානම් එක කඳුළක් නෙතු අග
වියළුනි ඒ එක කඳුළත් සුළඟේ
සුළඟේ ...
සුළඟේ ...

ගම් මැද්දේ මහ වැව් ඉස්මත්තේ
රොන් අරගන්ටයි තල මල පිපුණේ
කුළින් කුළට ගී සින්දු කියාගෙන
බඹර බඳින්ටයි බඹරුන් ඇදුනේ
ඇදුනේ ...

හෙළුවානම් එක කඳුළක් නෙතු අග
වියළුනි ඒ එක කඳුළත් සුළඟේ
සුළඟේ ...
සුළඟේ ...

දැනුනානම් හද රිදුමක් දවසක
නිමවිය ඒ දුක සුපසන් ගෙපැලේ
ගෙපැලේ ...
ගෙපැලේ ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heluwanam Eka Kandulak Song Lyrics - හෙළුවානම් එක කඳුළක් ගීතයේ පද පෙළ Heluwanam Eka Kandulak Song Lyrics - හෙළුවානම් එක කඳුළක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2022 Rating: 5

0 comments:

Post a Comment