Chandramandulu Yata Suranganawan Song Lyrics - චන්ද්‍රමඬුළු යට සුරංගනාවන් ගීතයේ පද පෙළ

Chandramandulu Yata Suranganawan Song Lyrics - චන්ද්‍රමඬුළු යට සුරංගනාවන් ගීතයේ පද පෙළ
Song Title : Chandramandulu Yata Suranganawan (චන්ද්‍රමඬුළු යට සුරංගනාවන්)
ගායනය : නන්දා මාලිනී
සංගීතය : නන්දා මාලිනී
ගී පද : මහින්ද අල්ගම


චන්ද්‍රමඬුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ

රන් තැටියට කිරි පැණි පුරවාගෙන
හඳහාමී දූ බලන්න එනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
හඳහාමී කෙලෙසද මෙහි එන්නේ

කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියාලූ
ගඟට උඩින් කිරි කොක්කු ගියාලූ
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ

දූ අල්ලන්නට හැන්දෑ යාමේ
මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු
ධීර දුවේ මා බිය නොම වන්නේ
සිහළ ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ

චන්ද්‍රමඬුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chandramandulu Yata Suranganawan Song Lyrics - චන්ද්‍රමඬුළු යට සුරංගනාවන් ගීතයේ පද පෙළ Chandramandulu Yata Suranganawan Song Lyrics - චන්ද්‍රමඬුළු යට සුරංගනාවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 23, 2022 Rating: 5

0 comments:

Post a Comment