Budun Me Thun Lowa Uththama Song Lyrics - බුදුන් මෙ තුන් ලොව උත්තම ගීතයේ පද පෙළ

Budun Me Thun Lowa Uththama Song Lyrics - බුදුන් මෙ තුන් ලොව උත්තම ගීතයේ පද පෙළ
Song Title : Budun Me Thun Lowa Uththama (බුදුන් මෙ තුන් ලොව උත්තම)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


බුදුන් මෙ තුන් ලොව උත්තම
බුදුන් සදිසි අම්මා
උඩින් වඩින ඉර හඳ වන්
එ රන් පහන අම්මා
නොහිම් රකනිටා බඹ ලෝ
විසල් නොනිමි අම්මා
බුදුන් වඳින අත් බැඳ බැඳ
වඳිනෙමි මගෙ අම්මා

මහ බෝසත් සයුරු ගෙවා කරින් වැඩමු අම්මා
වංකගිරියෙ ඵල නෙළමින් දරුවන් රැකි අම්මා
සත් වස සීවලී මහිමි කුසේ වැඩූ අම්මා
බුදුන් වඳින අත් බැඳ බැඳ
වඳිනෙමි මගෙ අම්මා

සතර කුලේ සතර මහා නිධන් වටින අම්මා
සතර මහා ගංගාවට සිහිල දෙවන අම්මා
සතර අපා වල නොවැටී නිවන් දකින අම්මා
බුදුන් වඳින අත් බැඳ බැඳ
වඳිනෙමි මගෙ අම්මා

බුදුන් මෙ තුන් ලොව උත්තම
බුදුන් සදිසි අම්මා
උඩින් වඩින ඉර හඳ වන්
එ රන් පහන අම්මා
නොහිම් රකනිටා බඹ ලෝ
විසල් නොනිමි අම්මා
බුදුන් වඳින අත් බැඳ බැඳ
වඳිනෙමි මගෙ අම්මා
බුදුන් වඳින අත් බැඳ බැඳ
වඳිනෙමි මගෙ අම්මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Budun Me Thun Lowa Uththama Song Lyrics - බුදුන් මෙ තුන් ලොව උත්තම ගීතයේ පද පෙළ Budun Me Thun Lowa Uththama Song Lyrics - බුදුන් මෙ තුන් ලොව උත්තම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2022 Rating: 5

0 comments:

Post a Comment