Adara Sathutu Susum Song Lyrics - ආදර සතුටු සුසුම් ගීතයේ පද පෙළ

Adara Sathutu Susum Song Lyrics - ආදර සතුටු සුසුම් ගීතයේ පද පෙළ
Song Title : Adara Sathutu Susum (ආදර සතුටු සුසුම්)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග
පද :  ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග


ආදර සතුටු සුසුම් පවන් රොද
සීතල රැයක සෙමෙන් //

ජීවන කවුළු දොරින් යහන් වැද
මා වෙත තුරුලු වෙයන්
ආදර සතුටු සුසුම් පවන් රොද
සීතල රැයක සෙමෙන්

ඇසිපිය හෙළමින්
ළතැවෙයි යුග නෙත
වදනක පවසින්
නිසලයි සවනත //

ඒ මුදු බොළඳ වදන්
සුගන්ධය
පාවෙනු සොඳුරු ලොවින්
වසන්තය
ළංවෙනු මියුරු සරින්

ආදර සතුටු සුසුම් පවන් රොද
සීතල රැයක සෙමෙන්
ජීවන කවුළු දොරින් යහන් වැද
මා වෙත තුරුලු වෙයන්
ආදර සතුටු සුසුම් පවන් රොද
සීතල රැයක සෙමෙන්

පාළුව සමගින්
වැලපෙයි හදවත
අසරණ රැහැණින්
බැඳ ඇත සිරුරට //

කාලය ඉගිල යමින්
යොවුන් සිරි
සේදෙයි කඳුළු දියෙන්
ඒ නෙත් කෙවෙනි තුළින්
පෙමින් තොර
මා හද අවදිකරන්

ආදර සතුටු සුසුම් පවන් රොද
සීතල රැයක සෙමෙන් //

ජීවන කවුළු දොරින් යහන් වැද
මා වෙත තුරුලු වෙයන්
ආදර සතුටු සුසුම් පවන් රොද
සීතල රැයක සෙමෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Sathutu Susum Song Lyrics - ආදර සතුටු සුසුම් ගීතයේ පද පෙළ Adara Sathutu Susum Song Lyrics - ආදර සතුටු සුසුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 10, 2022 Rating: 5

0 comments:

Post a Comment